කවුද මේ අනුදි ගුණසේකර?

මෙවර ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ අනුදි ගුණසේකරයි. 

ඇය 2024 සියත Miss Sri Lanaka කිරුළ හිමි කරගෙන Miss world කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව හිමි කරගත්තා.

අනුරපුර පුරවරයේ උපන් 25 හැවිරිදි ඇය කැළණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිධාරිනියකි. 

ඇයගේ මව රූපලාවණ්‍ය ක්ශේත්‍රයට සම්බන්ධව කටයුතු කරන අතර ඇයගේ පියා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරයි. 

ලෝක රූ රැජිණ කිරුළට හිමිකම් කීමට අවශ්‍ය රූපය, බුද්ධිය සහ මානුෂිය  ගුණාංගවලින් සපිරි තරුණියක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. 

ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙස සමාජයට ඉටු කරන සේවය ඇයගේ 'සහේලි පදනම' හොඳින් නිරූපණය කරනවා. 

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය දුරු කිරීම සඳහා ඇය මෙම පදනම ආරම්භ කොට ඇති අතර එම පදනම මඟින් කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැලසීම සහ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. 

ඇයට මෙම පදනම ආරම්භ කිරීමට මූලික අදහස ලැබී ඇත්තේ, ඇයගේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර නිබන්ධනය සඳහා ශ්‍රී ලංකාවේ විවාහ දුෂණ පිළිබඳව ඇය කරන ලද පර්යේෂණය මඟින්ය. 

අනුදිට ලෝක රූ රැජිණ තරඟය සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් ඇති වී තිබෙන්නේ ඇයට වයස අවුරුදු 17 දීයි. 

2017 වර්ෂයේදී ලෝක රූ රැජිණ බවට පත්වූ ඉන්දියාවේ මනුෂි චිලර් ඇයව මෙලෙස ලෝක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීම සඳහා  පෙළඹීමට හේතු වූ බවයි ඇය පවසන්නේ. 

තළෙලු වර්ණැති පැහැදිලි සමක් මෙන්ම කළු පැහැති දිගු කෙස් කළඹකට හිමිකම් කියන ඇයට ඇත්තේ, සැබෑම ශ්‍රී ලාංකික සුන්දරත්වයක්ය. 

එමෙන්ම ඇයගේ පියකරු සිනහව සහ මනා පෞරුෂය ඇයගේ සුන්දරත්වය තවත් වැඩි කරනවා.

72 වැනි ලෝක රූ රැජින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට සිරිකත අපේ උණුසුම් සුබ පැතුම්!

සටහන - සුහංසි වීරසිංහ

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Previous

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Next

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

Realted Post

Leave a comment