කාන්තා ලිංගික හිංසනයට වැටබඳිමු

කාන්තා ලිංගික හිංසනය වර්තමාන සමාජයේ බහුලව වාර්තාවන, කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයේ එක් ප්‍රභේදයක් වශයෙන් සැලකිය හැකිය. මෙය අනවශ්‍යය හෝ බලහත්කාරයෙන් සිදුවන ලිංගික ස්පර්ශයක්, සිපගැනීමක්, ලිංගිකත්වය ගැබ් වූ උසුළුවිසුළු කිරීමක්, අපයෝජනයක් මෙන්ම ස්ත්‍රී දූෂණ ආදී වශයෙන් විවිධාකාරයෙන් සිදුවන්නකි. මෙවැනි ලිංගික හිංසනයන් කාන්තාවන්ට කායික මෙන්ම මානසික හානි ඇති කිරීමට හේතු වේ.

කාන්තා ලිංගික හිංසනය පොදු අවකාශයේ විවිධ ස්ථානවල දී සිදුවිය හැකිය. පොදු ප්‍රවාහනයේ දී, රැකියා ස්ථානයේ දී, විශ්වවිද්‍යාලය තුළ දී, පාසලේ දී ආදී මේ කුමන හෝ පොදු ස්ථානයක විය හැකිය. මීට අමතරව නිවසේ දී සිදුවන ලිංගික හිංසනයන් ද වර්තමානය වනවිට අපට වාර්තා වේ. එම නිසා අප අවට සියලුම පරිසරය අපරික්ෂාකාරී විය හැකිය.

ලිංගික හිංසනය සිදු වූ අවස්ථාවක කාන්තාවක් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ විමසා බැලුවහොත්, 
ඔබ ලිංගික හිංසනයට ලක් වූ අයෙක් නම් වහාම පොලිසියට පැමිණිලි කළ යුතුය. ඒ සදහා අදාළ පොලිස් ස්ථානයේ කාන්තා සහ ළමා ඒකකයට යොමු විය හැකිය. එසේම සේවා ස්ථානයක නම් අදාළ මානව සම්පත් කළමණාකරණ අංශයට පැමිණිලි කළහැක. තුවාල සිදුව ඇත්නම් වහාම රෝහල් ගතව අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතුය. 

එසේම ඔබ මේ පිළිබඳවත් දැනුවත් වන්න. කාන්තාවක් ලෙස ඔබ කුමන හෝ ස්ථානයක දී  ලිංගික හිංසනයකට මුහුණ දුන්නේ නම් මෙම ක්‍රම අනුගමනය කළ හැකිය.

ආයතන
1. ලිංගික හිංසනය වැනි කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධව දැනුම් දීමට 109 යන ක්ෂණික දුරකතන අංකය සහ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය හඳුන්වා දී ඇත.

2. ⁠Women in need- Tel: 0775676555

3. ⁠නීති ආධාර කොමිෂන් සභාව - අංක 129,අලුත් කඩේ වීදිය, කොළඹ 12 - 0115 335 329

4. ⁠ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය - අංක 37/27, බුලර්ස් පටුමඟ, කොළඹ 07-0112555455

කාන්තාවක් ලෙස ඔබ ඔබේ ආරක්ෂාව සලසා ගන්න. 

අදහස් දැක්වීම - චාමිකා ප්‍රසාදිනී
Attorney-at-Law

සටහන - සහශ්‍රිකා දයානන්ද 

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment