කැදැල්ලක සතුට සැනෙකින් සුනු විසුනු වෙයි...

මේ තවත් එක අවාසනාවන්ත පුවතක්... 

මෙවන් අනතුරකට මුහුණ දෙන්නට වෙතැයි ඔවුන් කවදාවත් සිතන්නට නැතුව ඇති 

මධ්‍යම අධිවේගී මග දිගේ  ආ ඔවුන්ගේ ජීවිතවල ඉරණම වෙනස්වෙන්න ගත වුණේ එක් නිමේෂයක් පමණයි. 

කිසිවෙකුත් ඔහුගේ නික්මයාම ගැන තවමත් විශ්වාස කරන්නේ නැහැ..

තම දරුවන් තිදෙනාත් දයාබර බිරිඳත් සමග ඔවුන් මේ ගිය ගමන මෙලෙස කෙළවර වෙතැයි ඔවුන් සිතන්නට නැතුව ඇති. 

මේ කියන්නේ ඔහුගේ නික්මයාම ගැන ඇසෙන අනුවේදනීය කතාවයි..

ජ්‍යේෂ්‍ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුනේන්ද්‍ර, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළා. 

විශ්වවිද්‍යාල විද්‍යාර්තීන් රැසකගේ නැනස පෑදූ ඔහු සෑම පුද්ගලයෙකුම පාහේ හඳුනනාගත් ආචාර්‍යවරයෙකි. 

පසුගිය දිනක ආචාර්ය ගයන්ත, ඔහුගේ නිවසේ අය යාපනයේ විනෝද චාරිකාවකට එක්වෙනවා.

පුංචි දරු තිදෙනා වගේම ඔහුගේ බිරිඳත් මේ ගමනේදී ගොඩක් සතුටු වෙන්න ඇති.. 

ඒ ඒකාකාරී ජීවින රටාවට තිත තියන්නට මොහොත හෝ හැකි වූ නිසාවෙන් ඔවුන් බොහෝ සෙයින් සතුටින් සිටින්නට ඇති. 

ඉතින් ඒ සතුටින් සිටපු දවස් කිහිපය ගැන ජායාරූප බොහෝමයක් ඔහු ඔහුගේ මුනුණු පොතටත් ඉතා ආදරණීය ලෙසින් එක් කර තිබුණා. 

චාරිකාව අවසන් කර නිවස බලා එන ගමනේදී ඔවුන්ට නොසිතූ ලෙසින් අවාසනාවන්ත අනතුරකට මුහුණ දෙන්න වෙනවා. 

කාගෙත් හද සසල කරමින් ආපසු එන ගමනේදී ඔවුනට නොසිතූ ලෙසින් අනතුරකට මුහුණ දෙන්නට වෙනවා. 

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය එක්වරම ගැටෙන්නේ ලොරියකයි.

කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ ඔවුන් ගමන්ගත් වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරික පිටුපස ගැටී ඇති බව පසුව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබුණා.

අනතුර සිදුවූ පසු ආචාර්ය ගයන්ත ජීවිතක්ෂයට පත්ව ඇති  අතර, මිය යනවිට ඔහු 46 වන වියේ පසුවුණා.

එසේම මෙම අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

(WWW.LANKADEEPA.LK) 

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Previous

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි Read Next

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

Realted Post

Leave a comment