කැනඩා විල් ගැන දැනගත යුතුම කතාව

කැනඩාව තුල ලෝකයේ සියළුම රටවල විල් වලට වඩා වැඩි විල ගණනක් පවතිනවා. 

එහි හෙක්ටයාරයකට වඩා විශාල විල් 879,000 කට වැඩි ගණනක් පවතින අතර, කුඩා විල්ද එකතු කළහොත් එය මිලියන ගණනකට ළඟා වෙනවා.

මෙම විල් බොහොමයක් පසුගිය අයිස් යුගයේදී ග්ලැසියර මගින් තැනුණු ඒවා වෙනවා. 

ඒවායේ නිල් ජලය අද කැනඩාවේ ස්වාභාවික සුන්දරත්වයේ ප්‍රධාන අංගයක් ලෙසත් පවතිනවා.

මෙම විල් එකතුව ලෝක මිරිදිය ජලයෙන් සමාන්‍යයෙන් 20%ක් පමණ රඳවා තබාගන්න සමත් වෙනවා.

එම නිසා කැනඩාව පෘථිවියේ විශාලතම මිරිදිය ජලාශ ඇති රටලෙස සැලකෙනවා.

කැනඩාවේ උතුරේ ඇති Greate bear විල, මහා ස්ලේව් විල, සහ එක්සත් ජනපදය සමඟ බෙදාගන්න සුපීරියර් විල සහ හුරොන් විල වැනි දැවැන්ත විල්ද  මේ අතර පිහිටා තිබෙනවා.

ශ්‍රී පාද පුද බිම  මිනිස් ක්‍රියාකාරකම් නිසා  කසළින් පිරෙයි Read Previous

ශ්‍රී පාද පුද බිම මිනිස් ක්‍රියාකාරකම් නිසා කසළින් පිරෙයි

රාමුවකට  කොටු නොවී ලෝකෙට යන්න හොඳ ක්‍රීඩාවක්  -  Dinusha Perera Read Next

රාමුවකට කොටු නොවී ලෝකෙට යන්න හොඳ ක්‍රීඩාවක් - Dinusha Perera

Realted Post

Leave a comment