කියන්න ඕන දේ මූනට කියන ලක්ෂි

මිචෙල් ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක් වන සුපිරි අන්දරේ චිත්‍රපටයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට පුංචි තිරයේද තමන්ගේ දස්කම් පාන්නට පටන්ගෙන ඇත. ෆ්ලැටි නොවන ෆ්ලැට් ටෙලි නාට්‍යයේ ඉතා දක්ෂ රංගනයක් ඉදිරිපත් කළ ඇය ලක්ෂි විජේවර්ධන, 


මීචෙල් ෆොන්සේකා සිය පවුල ගැන අපිට කිව්වේ මෙවන් අදහසක් 

අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි මමයි තාත්තා දැනට විදේශ ගත වෙලා රැකියාවක් කරනවා. අක්කලා දෙදෙනා විවාහ වෙලා මමයි අම්මයි ගෙදර ඉන්නේ

ඇය රංගන ජීවිතය ගැන කිව්වේ මෙවන් අදහසක් 

මගේ පාසල රත්නාවලී බාලිකා විද්‍යාලය. පාසල් කාලයේ මම නොයෙකුත් බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වුණා. ඒ අතරතුර ඉගෙනීම් වැඩ කටයුතුත් හොඳින් කරගත්තා නමුත් මට රංගනයට පිවිසෙන්න කවදාවත් හීනයක් තිබුණෙ නැහැ මගේ හීනේ වෙලා තිබුණේ නීතීඥවරියක් වීමටයි. ඒ විභාගයට පෙනී සිටියා නමුත් සුළු ලකුණු සංඛ්‍යාවකින් ඒ හීනය බොඳ වුණා.

රංගනය වෘත්තීය වේවිදැයි සිරිකත අපි ඇහුවා.. 

දැනට වෘත්තීය මට්ටමින් මුකුත් කරන්නේ නැහැ නමුත් රංගනය මගේ වෘත්තිය නොවෙයි. රංගනයට මම ආදරෙයි. ඒ වගේම රැකියාවක් කරලා එක තැනකට හිරවෙන්න මම කැමති නැහැ ඒ නිසා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා


කලා ක්ෂේත්‍රයට පිවිසීම නිසා මගහැරුණු දේවල් ගැන මිචෙල් කිව්වේ මෙවන් අදහසක් 

කාලයකදී මගේ උසස් අධ්‍යාපනය නතර කරන්න සිදුවුණා නමුත් වසර පහකට පසු නැවත මට උසස් අධ්‍යාපනය සාර්ථකව නිමා කරගන්න පුළුවන් වුණා කොහොම නමුත් කලාව මගේ ජීවිතයට ආලෝකයක්, සාර්ථකත්වයක් එක් කළා.

මිචෙල් ගැන ඇය සඳහන් කළේ මෙවන් අදහසක්... 

මම ගොඩාක් ලොකුවට ප්‍රශ්න ගැන හිතන්නෙ නෑ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. හැමෝම එක්ක හොඳින් ඉන්න කැමතියි. මම දේවල් හිතේ තියාගෙන ඉන්නේ නෑ කියන්න ඕනැ එක මූණටම කියනවා. ඒ නිසා පොඩ්ඩක් මේ ක්ෂේත්‍රයේ ඉන්න අමාරු ගතියක් තියෙනවා මම ගොඩක් ආගමට දහමට නැඹුරු කෙනෙක්. ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ජීවිතය හොඳින් ගතකරන්නේ කොහොමද කියලා මම ඉගෙන ගෙන තිබෙනවා. ආගම දහමෙන් ජීවිතයට ලොකු සැනසීමක් ලැබෙනවා.


සටහන - ඉෂංකා ජයසූරිය 

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Next

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

Realted Post

Leave a comment