ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

විවාහ දිවියෙන් පසු ඕනෑම දෙපළකගේ වගේම වැඩිහිටි කාගෙත් එකම බලාපොරොත්තුව දරු සිහිනයයි. විවාහ දිවියට එළැඹී ඒ පැතුම සඵල කරගන්න කැමති ඕනෑම යුවළක් පරිස්සමෙන් කන කෑම යන ගමන හැසිරෙන විදිය ගැන බොහෝම සැලකිලිමත් උනන්දුයි. ඒ වගේම දරුවකු ගැන සිහින මවන මාවතේදී මූලිකවම සිතිය යුතු දෙයක් තමයි ගුණ නැණ පිරි පින්වත් දරු පැටියකු  ඔබට වගේම මෙලොවටත් දායාද කරගන්නා අයුරු ගැනත් ඔබ දෙපළ සිතිය යුතුයි.

ඒ පින්වත් සිතුවිල්ල ගොඩනංවා ගන්නා යන මාවතේදී ඔබ දෙපළ සම්පූර්ණ කළ යුතු දේවල් සම්බන්ධව පුංචි කතා බහක් තමයි මේ කතා කරන්න හදන්නේ.

විවාහයේ සිට පිළිසිඳ ගැනීම දක්වා පදනම සකස් කරගන්නා අයුරු.

පින්වත් දරුවකු  පැතූ පමණින් එය ක්ෂණිකවම කරගත නොහැකියි .ඒ සඳහා බොහෝ කාලයක සිට පදනම සකස් කර ගැනීම කළ යුතුයි. එතනදී මූලිකවම සූදානමක් ලෙස අධ්‍යාත්මික සූදානමක් විය යුතුයි. 

පින්වත් දරුවකු කියන්නේ උසස් මානසික ගුණාංග සහිතව උපදින මිනිසත් දරුවෙකුටයි. එවන් ආත්මයක් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට නම් ඔබ දෙපළ පංචශීල ආරක්ෂා කරන දැහැමි ප්‍රතිපදාවක් ගත කරන යුවළක් විය යුතුමයි. 

අකුසලයෙන් තොර වූ ජීවිතයක් ගත කරන දෙදෙනෙකුගේ ශක්ති කලාපයන්ද මනා පිරිසුදුයි. ඒ නිසා පින්වත් දරුවකු සාදන්න මූලික පදනම ඔබ දෙපළ එලෙස සාදාගෙන තිබීම කළ යුතුයි. 

ප්‍රසන්න නිවහනක පසුබිම සාදා ගැනීමට කළ යුතුයි. 

ප්‍රසන්න ප්‍රියමනාප නිවහනක් කිව්වහම ඔබට මතක් වෙන්න පුළුවන් බාහිර සුන්දරත්වය පිරුණු බඩු පුරෝගත් ලස්සන නිවහනක්. ඔව් එවැනි දේවලුත් තියෙන්න ඕනි. 
නමුත් ඊටත් එහා ගිය ඔබ දෙපළ ආධ්‍යාත්මික ජීවිතය තබා ගැනීම නිවස තුළ කළ යුතුයි.

විශේෂයෙන් අඹු සැමි බැඳීම සතුටින් සමගියෙන් ශක්තිමත් ආදරණීය පිරුණු එකිනෙකට හොඳින් වටහාගත් ආදරණීය ප්‍රසන්න නිවසක පසුබිමක් තිබීම වැදගත් වෙනවා. එවැනි පරිසරයක ස්වභාවයෙන්ම ගුණවත් පින්වත් දරු පැටියෙක් සෑදීම හොඳම තෝතැන්නක් වෙන පරිසරයක් ගොඩනැංවෙනවා. 

අඹුසැමි විනය

අද වෙද්දී පිරිමි වගේම සමහර කාන්තාවෝද මත්පැන් දුම්වැටිවල ඇබ්බැහිවීම විනෝදයක් වෙලා. 

පින්වත් දරුවෙකු ගැන සිතන ඔබ දෙපල එවැනි දේවල් භාවිත කරන්නෙකු හෝ ඒ එවැනි දෙයක් භාවිතා කරන එක්කෙනෙකු හෝ ඒ සඳහා විනයක් තබා ගැනීම කළ යුතුයි.


ගර්භනී අවධිය දී මේ ගැන සිතිය යුතුයි


ගර්භනී කාලය කියන්නේ මව සහ දරුවා අතර හොඳ ශක්තිමත් අත්තිවාරමක් වැටෙන කාලයයි. එතැනදී මවගේ සැම දෛනික ක්‍රියාකාරකමක්ම යහපත්ව තබා ගැනීම කළ යුතුයි.

සිතුවිලි යහපත් කර ගැනීම දිනපතා පිරිත් ශ්‍රවණය කිරීම භාවනා වැනි දේවල් අධ්‍යත්මික ශක්තිය වැඩිදියුණු කරගැනීම  ඒ විතරක් නෙමෙයි බිරිඳට අවශ්‍ය ආදරය ආරක්ෂිත බව මානසික කායික සුවය ලබාදීම ඒ වගේම දරුවා සමඟ කතා කිරීම ඔබ හිතන්න පුළුවන් බඩේ ඉන්න දරුවත් එක්ක මොනවද අනේ කතා කරන්න කියන්නේ එයාට ඕවා ඇහෙනවයැ කියලා. එහෙම හිතන්න එපා. ඔයාලා දෙන්නා කියන දේවල් හොඳින් ශ්‍රවණය වෙන්නේ මෙන්න මේ කාලෙදි තමයි. කූසේ සිටින නව ජන්මයා එක්ක ආදරණීයව කතා කරන්න එයත් දරුවාගේ අනාගත යහපත් සංවර්ධනයට ලොකු අඩිතාලමක් වෙනවා. යහපත් දරුවකුගේ    අඩිතාලම වැටෙන්නේ එතනින්. දරුවාට ඇසෙන ගුණවත් යහපත් දේවල් නිතර නිතර කතා කරන්න. ආදරණීයව කතා කරන්න. 

 

දරුවාගේ මුල් ළමා විය සාර්ථක කර ගැනීම කළ යුතුයි 


දරුවා මෙලොව එළිය දුටු දා සිට ඔහු දකින ලෝකය වෙන්නේ මවයි පියයි. ඒ නිසා දරුවාට පූර්ව දර්ශයක් පෙන්වමින් හැසිරීම ඔබ දෙපළගේ ලොකුම වගකීමයි. ඒ වගේම දරුවාට පුංචි කාලෙ ඉඳන්ම යහපත් දේ දකින්න පුරුදු කරන්න සලස්වා එයින් දරුවාට ජීවිතය දිනන්න නිදහස්ව ඉඩ හරින්න. 


මෙවැනි සුපින්වත් දරුවකු බිහිකළ මවට පියාට දෙවියොත් බුදුන්ගේත් ආශිර්වාද ලැබී ඒ දරුවා කවදා හෝ ලෝකයේ යහපත්ව පින්වත්ත බබලාවි.

සටහන
මහේෂානි මීගහපොල


අදහස් දැක්වීම
ප්‍රවීණ මනෝවිද්‍යාඥ 
ආචාර්ය භාග්‍යා අබේසිංහ. 

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක් Read Previous

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Next

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

Realted Post

Leave a comment