ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය අදයි

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය වාර්ෂිකව සමරනු ලබන්නේ මැයි මස 22 වනදායි. ඒ ලොව පුරා ජෛව විවිධත්ව ගැටළු පිළිබඳ අවබෝධය සහ දැනුවත්භාවය වැඩි කිරීම සඳහායි.  මෙවර ජෛව විවිධත්ව දින තේමාව "Harmony with nature and sustainable development" යන්නයි. වර්තමානයේදී සෑම දෙයක්ම තාක්ෂණය සමග ගොඩනැගෙන යුගයක මිහිමත ජීවත් වන අපගේ ජීවිත වෙනුවෙන් මහඟු කාර්යයක් ඉටු කරන සොබා දහමේ නිහඬ රිද්මය අමතක නොකළ යුතුය. 

සියලුම ශාක, සතුන්, ක්ෂුද්‍ර ජීවීන්  සහ ඒවායින් සාදන පරිසර පද්ධතිවල විවිධත්වය ජෛව විවිධත්වය යනුවෙන් හඳුන්වනු ලබයි. කුඩාම කෘමියාගේ සිට විශාලතම තල්මසා දක්වා, නිල්ල වැසුණු තණ යායක සිට  වැසි වනාන්තර දක්වා, ජෛව විවිධත්වය මානව වර්ගයාගේ ජීවයේ  රඳා පවතින සාධක තීරණය කරයි. පිරිසිදු වාතය, ජලය, සාරවත් පස, බෝග පරාගණය, දේශගුණික නියාමනය සහ අප භාවිතා කරන ඖෂධ පවා සහතික කරයි. 

සොබාදහමේ කොටසක් වන මානවයා විසින් මෙකී ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම උදෙසා බැඳී සිටිය යුතුය. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, ප්‍රතිචක්‍ර්‍රීකරණ ක්‍රියාදාමයන් හා සම්බන්ධ වීම ඔස්සේ පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීම අවම කිරීම සිදු කළ යුතුයි. වර්තමානයේ සහ අනාගතයේදී මානව යහපැවැත්මට පදනම සපයන මෙය ආරක්ෂා කිරීම මිහිමත ජීවත් වන සෑම මානවයෙකුගේම වගකීමකි. 

 විශ්වනී හසලා

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Previous

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Next

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

Realted Post

Leave a comment