ජාතික ගුරු දිනය අදයි

අයිලයේ කදු මුදුන මත පොප්ලර් ගස් දෙකකි.ලෝකයටම ඇසෙන්නට ඔවුන් යමක් කියාලයි.ඒ ගුරු ගීතයයි.අල්තීනායි,දුයිෂෙන් තාමත් අකුරු කරති,අකුරු උගනෙති.ගුරු+උතුමා යන පර ස්වර සන්ධි ගැළපුමෙන් නිපන් ගුරුතුමා නොවන්නට අදටත් අපි ගෝත්‍රික යුගයක ය.

ඒ ගුරුතුමා වෙනුවෙන් වෙන් වූ දිනය අදය.

ශ්‍රී ලංකා ගුරු වෘත්තිය සමිති නායකයකු වූ එම්.පී මෙන්ඩිස් මහතා ජාත්‍යන්තර ගුරු දිනයක් ප්‍රකාශයට පත්කරන්න යැයි 1993 දී ලෝක ගුරු සංසදයට කරන ලද ඉල්ලීමෙහි ප්‍රතිඵලයක් ලෙස 1966 යුනෙස්කෝ සංවිධානය හා ලෝක කම්කරු සංවිධානය එක් ව අත්සන් කරනු ලැබූ ලෝක ගුරු ප්‍රඥප්තියට අනුව ලෝක ගුරු දිනය නිර්මාණය වූ අතර නිල වශයෙන් එය සමරන්නට යෙදුණේ සෑම වසරකම ඔක්තෝම්බර් 05 වන දාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ගුරු දිනයක් සමරනු ලැබුවේ 1994 දීය. නමුත්ශ්‍රී ලංකාව තුළ එය සමරනු ලබන්නේ සෑම වසරක ඔක්තෝබර් 06 එනම් අද වැනි දිනයකය.

ගුරුදිනය නිමිති කොටගෙන පවත් වනු ලබන ජාතික වැඩසටහන අද දින පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ය.
  
සෑම ගුරුවරයෙකුගේම අරමුණ බවට පත්වන්නේ තමා තරුවක් නම් තම දරුවා සූර්යයා මෙන් බබළනු දැකීමයි.ලෝකයේ සෑම ආගමින නායකයෙකු පාහේ ගුරුවරුන් අගය කරනු ලැබී ය. ගුරුවරයෙකු නොමැති තැන බුදුරජාණන් වහන්සේ පවා ධර්මය ගුරු තැන් කොට ගනු ලැබීය. ගුරුවරයා යනු අපූරු නිර්මාණකරුවෙකි. දරුවන්ට සිප්කිරි පොවන්නට ඔවුහු නිර‍න්තරයෙන් බැදී සිටිති.හරි පුදුම ඉස්කෝලේ පාසල් යා නොහැකි යැයි හඩා වැටි ටොටෝචංලා පවා පාසල් යන්නට පෙළඹුණේ ගුරුවන්ගේ නොමසුරු චින්තනයට පිංසිදු වන්නට ය. මෙලොව දරුවන්ගේ ඥාන ප්‍රදීපය දල්වා වන්නා වූ දෙවැනි මව්වරුනි,පියවරුනි ඔබලාට මෙය උපහාරයක් ම වේවා.

සටහන - නෙත්මි තෂාරා

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment