ටාපොසිරිස් මැග්නා දේවාලයෙන් සොයාගත් ’’රන් දිව සහිත මමිය’’

2021 මුල් භාගයේදී, ඇලෙක්සැන්ඩ්‍රියාවට බටහිරින් පිහිටි ටාපොසිරිස් මැග්නා(Taposiris Magna) දේවාලයේදී, ක්ලියෝපැට්රා රැජිනගේ නැතිවූ සොහොන සොයමින් සිටි ආචාර්ය කැත්ලීන් මාර්ටිනෙස්ගේ නායකත්වයෙන් යුත් ඊජිප්තු සහ ඩොමිනිකානු පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සුවිශේෂී සොයාගැනීමක් සිදු කර තිබෙනවා. 

 ඒ අනුව ඔවුන් විසින් , "රන් දිවක් සහිත මමිය" ක් සොයාගෙන තිබෙනවා.

ඔවුන් එය රන් දිවක් සහිත මමිය ලෙසින්ද නම් කර තිබෙනවා. 

මෙම මමිය පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමේදී හමුවී ඇත්තේ; මෙම මගිය කාන්තාවකගේ බවයි.

එමෙන්ම මෙය භූමදානය කරන ලද වපසරිය ආශ්‍රිතව සොයාගත් පුරාවස්තු අනුව පෙනී යන්නේ ඊජිප්තු සහ ග්‍රීක-රෝම සංස්කෘතික ආභාෂයන් මුසු වූ කාලයකදී ඇය භූමදාන කර ඇති බවයි. 

එම හේතුවෙන්  ඇය ටොලමයික්-ග්‍රීක-රෝම යුගයේ ජීවත් වන්නට ඇති කියලා විශ්වාස කෙරෙනවා.

දුර්වල සංරක්ෂණ හේතුවෙන් පුරාවිද්‍යාඥයින්ට ඇගේ තත්ත්වය හෝ මරණයට හේතුව නිශ්චය කිරීමට හැකි වුනේ නෑ.  

රන් දිවක පැවැත්ම ඇය යම් වැදගත්කමක් ඇති පුද්ගලයෙකු වන්නට ඇති බවට හෝ, අවම වශයෙන්, විශිෂ්ට භූමදානයක් දැරිය හැකි තරම් ධනවත් අයෙකු වන්නට ඇති බවට ඉඟි කරනවා. 

භූමදානය දේවාල භූමියක සිදු වී ඇති බැවින්, එයට සැලකිය යුතු ආගමික හා දේශපාලනික වැදගත්කමකුත් තිබෙන්නට ඇති බවට විශ්වාස කළ හැකිය. 

මෙයින් අදහස් වන්නේ මේ කාන්තාව පූජකවරියක් හෝ දේවාලය සමඟ සම්බන්ධයක් ඇති අයෙකු වන්නට ඇති බවයි. 

නමුත් මේක දැනට අනුමානයක් පමණක් වන අතර තවමත් නිශ්චිතවම අනාවරණය වෙලා නෑ.

ඇයට රන් දිවක් ලැබුණේ ඇයි?

ඊජිප්තු ආගමික ග්‍රන්ථවල දෙවිවරුන්  ව්ස්තර කරලා තියෙන්නේ රන්වන් සමක්, රිදීවන් අස්ථි සහ ලැපිස් ලාසුලි පැහැ කෙස් ඇති කොටසක් විදියටයි. 

බොහෝ දේවාල කැටයම්වල සහ ප්‍රතිමාවල දෙවිවරුන් රන්වන් පැහැති ශරීරවලින් නිරූපණය කර ඇති අතර, එයින් ඔවුන්ගේ දිව්‍යමය ස්වභාවය අවධාරණය කරනවා. 

අනෙකුත් ලෝහ වගේ රන් කාලයත් සමඟ මලකඩ කෑමට හෝ දිරාපත් වීමට ලක් නොවීම ඊජිප්තුවරුන් දැක්කේ දෙවිවරුන්ගේ අමරණීයත්වයේ සහ දිව්‍යමය සාරයේ සංකේතයක් ලෙසයි. 

මේ විශ්වාසය භූමදාන චාරිත්‍ර කෙරෙහි ත් බලපෑවා.

පුරාණ ඊජිප්තුවරුන් මරණින් මතු ජීවිතය සඳහා මළවුන් සූදානම් කිරීම විශ්වාස කළා. 

ඒ නිසා, රන් දිවක්, ආරක්ෂක යන්ත්‍රයක් (talisman ) හෝ ලෝපතක් (foil) බොහෝ විට මමියේ මුඛයේ තබා ඇත්තේ, පාතාල ලෝකයේ දෙවිවරුන් සමඟ, විශේෂයෙන් පාතාල ලෝකයේ පාලකයා වන ඔසිරිස් දෙවියන් සමඟ මරණයෙන් පසු මියගිය අයට කතා කිරීමට ඉඩ සැලසීම සඳහා යි.

ඒ අනුව මේ රන් දිව, මමිය හිමි  ඇගේ කථාව අලංකාර කරන්නට ඇති අතර, ඇගේ ආත්මයේ විනිශ්චය අතරතුර "රන්වන්" සහ දිව්‍යමය විශ්වාසයකින් යුතුව කතා කිරීමට ඇයට ඉඩ සලසන්නට ඇති. 

එමගින්, ඊජිප්තුවරුන් "ඊජිප්තු කෙත්බිම" ලෙස හැඳින්වූ ස්වර්ගීය ලෝකයට ආරක්ෂිත මාර්ගයක් ලබා දීමට එය අයට උපකාරී වන්නට ඇති. 

සටහන - කසුනි විජේසිංහ 

 

සෝණා තුළින් මියෝනා සිනමාවට Read Previous

සෝණා තුළින් මියෝනා සිනමාවට

ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වෙයි. Read Next

ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත් වෙයි.

Realted Post

Leave a comment