යශෝධරාවන් සැනසූ මැදින් පොහොය

අවුරුද්දේ මැදින් මාසය නොහොත් මාර්තු මස මූලික කර ගනිමින් මැදින් පොහොය යෙදී තිබේ. 

සම්බුද්ධ චරිතාපදානයේ වැදගත් සිදුවීම් කිහිපයක් මූලික කර ගනිමින් මෙම මැදින් පොහෝ දින බෞද්ධ සැදැහැවත් ජනයා විසින් සමරනු ලබයි.

බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන කිඹුල්වත් පුරයට වැඩම වීම සිදුවන්නේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයි. 

ඒ සුද්ධෝදන මහ රජතුමා ඇතුළු තම ඥාති පිරිසගේ හිතසුව පිණිසයි. 

මෙහි දී ශාක්‍යයන්ගේ මානය දුරු කරනු පිණිස අහසට නැඟ යමා මහ පෙළහැර පෑහ. 

එහි දී සිදු වූ විශේෂ සිදුවීම නම්, සුද්ධෝදන තම පියරජු "මේ මාගේ තුන්වන වැඳීමයි" කියමින් බුදුන් වහන්සේට වන්දනා කිරීමයි. 

එය නිමිති කොට ගෙන බුදුන් වහන්සේ විසින් එහි රැස්ව සිටි පිරිසට වෙස්සන්තර ජාතකය දේශනා කළ සේක.

සුද්ධෝදන රජතුමා අනාගාමී වීම මෙන් ම යශෝධරා දේවිය බැහැ දකිමින් සඳකිඳුරු ජාතකය දේශනා කළහ. 

මෙම දේශනයේ දී යශෝධරාවන්ගේ අතීත සම්බන්ධතාවය පිළිබඳව කරුණු පැහැදිලි කළහ.

මැදින් පොහෝ දින සිදු වූ තවත් වැදගත් සිදුවීම් ද්විත්වයක් නම් නන්ද කුමරු පැවිදිවීම හා රාහුල තම පුත් කුමරු ද සසුන්ගත වීමයි. මෙහි දී රාහුල කුමරා පැවිදි කරලීම භාර වූයේ සැරියුත් තෙරුන්ටයි.

මෙවැනි සිදුවීම් සමුදායක් මෙම උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය මූලික කරගනිමින් සිදුවිය.


සහශ්‍රිකා දයානන්ද

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Previous

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි Read Next

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

Realted Post

Leave a comment