වර්තමානයේ කාන්තාවන් භාණ්ඩකරණය වෙලා

වර්තමාන සමාජය තුළ කාන්තාවට හිමිවී ඇති තැන සහ එය වෙනස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සමඟ සිරිකතත online- දියවන්නාවේ අලුත් මුහුණු වැඩසටහන ඔස්සේ  සිදුකළ සංවාද සටහනක්. 


වර්තමානයේදී ලංකාවේ කාන්තාවන්ට පවතින තත්ත්වය කෙබඳුද?

ලංකාවේ කාන්තාවන්ට තිබෙන තත්ත්වය පිළිබඳව කිසිසේත්ම තෘප්තිමත් විය නොහැකියි. විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන්ට සිදුවන හිංසන සහ එම හිංසන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවස්ථාවක් නොමැතිවීම සැබැවින්ම විශාල ගැටලුවක්.

දේශපාලනය සම්බන්ධයෙන් ගත්විට වර්තමානයේදී කාන්තාවන් දේශපාලනයේ සිටිය යුතු බවට යම් කතිකාවක් ඇති වී තිබේ. නමුත් මාධ්‍ය, ව්‍යාපාර ක්ෂේත්‍රය,ආර්ථිකය සඳහා වැඩකරන කාන්තාවන්ගේ අත්දැකීම් පිළිබඳව විමසා බැලුවහොත් අසන්නට දකින්නට ලැබෙන්නේ එතරම් සුන්දර කතා නොවේ. මන්ද කාන්තාවන්ව ආර්ථික සහ සමාජීය තලයෙන් පලවා හැරීමක් බොහෝ විට සිදු වී තිබේ. 

මෙය දකුණු ආසියාතික රටවල කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන දෙයක්ද?

දකුණු ආසියාතික කාන්තාවන්ට පමණක් නොව යුරෝපීය වශයෙන් ජීවත් වන කාන්තාවන්ටත් මුහුණ දීමට සිදු වී තිබෙන තත්ත්වයක්. කාන්තාවක් ආර්ථිකමය වශයෙන් ස්වාධීන වීම ඉතා වැදගත් අත්‍යවශ්‍ය කාරණයකි. නමුත් අපේ රටේ ආර්ථිකමය වශයෙන් ගැහැණියකට ගොඩ නැගීමට බාධාවන දේවල් බොහොමයක් තිබේ. එකී බාධාවන් ඉවත් කිරීම තුළ කාන්තාවට අවස්ථාවන් ගොඩ නැගෙයි. සමානාත්මතාවය පිළිබඳ කොපමණ කතාබහ කළද, ආර්ථික ස්වාධීනත්වය නොමැති නම් එකී සමානාත්මතාවය කරා පිය නැගීම ඉතා දුෂ්කරයි. සමාජයේ බොහෝ දෙනා ගරුත්වයකින්, සමානාත්මතාවයකින්, යුතුව කාන්තාව දෙස බලනවා වෙනුවට ඉතාම නරක ආකාරයට ඇයව දැකීමට සහ ඇයට සැලකීමට යොමු වී තිබේ. සමාජයේ වෙසන සාමාන්‍ය පුරවැසියෙක් ලෙස හෝ සම්පූර්ණ මනුෂ්‍යයෙකු වශයෙන් කාන්තාවට සලකන්නේ නැත. වර්තමානයේදී කාන්තාව භාණ්ඩකරණය වී තිබේ. ඇයව සෑමවිටම දකින්නේ දෙවැනි වූ පුද්ගලයෙක් ලෙසයි. මෙය වෙනස් විය යුතුමයි. එය වෙනස් වීමට කාන්තාව ආර්ථිකමය අතින් ශක්තිමත් විය යුතුමයි. එවිට යම් ස්වාධීනත්වයක් සහිතව තමාට තමා ගැන තනිව සිතීමට සහ තීරණ ගැනීමට හැකියාව පවතී. එලෙස ආර්ථිකමය අතින් ශක්තිමත් නොවූවහොත් තවත් අයෙකුගේ මුදලකින් ජීවත් වීමට සිදු වේ. එවිට ස්වීයත්වය අහිමි වී යටහත්ව ජීවත් වීමට සිදු වේ. එහෙයින් කාන්තාවක් ආර්ථිකමය අතින් ශක්තිමත් වීම අත්‍යවශ්‍යයි. 

විශ්වනී හසලා
සිරිකත Online දියවන්නාවේ අලුත් මුහුණු වැඩසටහනෙන් 

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න... Read Previous

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න...

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’ Read Next

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’

Realted Post

Leave a comment