ටී ෂර්ට් එක ලස්සන නිර්මාණයක් කරමුද

තනි  වර්ණ ටී ෂර්ට් එකක් නිකම්ම අඳිනවට වැඩිය ඒකට අපේ දෑතින්ම නිර්මාණය වුණු නිර්මාණයක් කර ඇඳගෙන යාමෙන් එහි තියෙන ලස්සනත් තවත් වැඩි වෙනවා.


එවැනි නිර්මාණයක් කරගන්නා අයුරු ගැනයි මෙවර අත්කම් නිර්මාණ පිටුවෙන් ගෙන එන්නේ.


ඒ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය.

  • ටී-ෂර්ට් එකක් .
  • ලී රාමුවක්.
  • ළා කොළ ,තද කොළ ,රතු සහ දුඹුරු පැහැති කැරලි නූල්.
  • රතු සහ ගෝල්ඩ් පැහැති කුඩා පබළු කිහිපයක් .
  • ඉදිකටු .

නිර්මාණය කරන අයුරු 

ඔබ තෝරාගත් ටී-ෂර්ට් එක රාමුවට දමා සවි කරගන්න .ඉන්පසු රූප සටහනේ දැක්වෙන ආකාරයට කාබන් කොළයක් ආධාරයෙන් රූපය රෙද්දෙහි සටහන් කරගන්න.

නත්තල් ගස් වල කදන් දුඹුරු පැහැති කැරලි නූලෙන් නූල් පොටවල් දෙකක් යොදා සැටින් මැස්මෙන් මසා ගන්න.

නත්තල් ගසෙහි කොළ මැසීම සදහා ලා කොළ සහ තද කොළ වර්ණ නූල්වලින්  නූල් පොටවල් තුන බැගින් යොදා මාරුවෙන් මාරුවට ගසේ හැඩය නොවෙනස් වන ලෙස දිග කොට මැස්මෙන් මසන්න.

ගස් වල මුදුනෙහි ඇති බෝව් තුන මැසීමට රතු පැහැ කැරලි නූලෙන් නූල් පොටවල් දෙක බැගින් යොදා නැටි මැස්මෙන් පුරවා ගන්න.

පහළින් ඇති" Merry Christmas " හි අකුරු රතු පැහැති කැරලි නූලෙන් නූල් පොටවල් එකක් යොදා සැටින් මැස්මෙන් පුරවා ගන්න.

අවසානයට නත්තල් ගස්වල තැනින් තැනට ගැළපෙන පරිදි කුඩා පබළු අල්ලා ගැනීමෙන් නිර්මාණය වඩාත් අලංකාර කරගත හැකිය.

සටහන
මහේෂානි මීගහපොල.

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී
සෙනලි චමත්කා රණසිංහ

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය Read Previous

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Next

ලස්සනට අඳින්න කැමති ඔයාට

Realted Post

Leave a comment