තනියම හිටියා ඇති කියලා හිතෙනවා



මේ දවස්වල ඇස්වලින් කතා කරන ගීත්මා බණ්ඩාර 

පුංචි තිරයේ යොවුන් රංගන ශිල්පිනියක් අතර ඉහළ පේ්්‍රක්‍ෂක ආදරයක් දිනා සිටින ගීත්මා බණ්ඩාර මෙවර සිරිකත හැඩකාරිය ලෙස අපිත් සමග එකතු වෙනවා. සංගීතේ ටෙලි නාට්‍යයේ “අසේනිට” ආදරය කරන ප්‍රේක්‍ෂකයෝ ඇස්වලින් කතා කරන “සංවරී” ගැන මොකද කියන්නේ කියලා, අපි ඇයගෙන්ම අහමු. 


මොනවද මේ දවස්වල අලුත් වැඩකටයුතු?
මේ දවස්වල සංගීතේ ටෙලි නාට්‍යයට අමතරව ‘ඇස්’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වලට දායක වෙනවා. මේ දවස්වල නම් ටෙලි නාට්‍යය දෙක නිසා තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ. 


මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ සංවරීට ද? අසනිටද?
එහෙම කියන්න අමාරුයි. මොකද ඇස් විකාශය ඇරඹුණේ ළඟදී. නමුත් මිනිස්සු පුදුම විදිහට සංවරීට ආදරෙයි. ඇස් රූගත කරන්නේ නුවර. වැව රවුමට ආදරේ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඇස් කියන්නෙම නුවර මතක අලුත් කරන කතාවක්. ඒ වගේම ඇස්  රූප රාමුවලත් ලස්සන වෙනසක් තියෙනවා. ගොඩක් අය ඒ වෙනසට ආසයි.


ඒ වගේම සංවරීට ප්‍රේක්‍ෂකයෝ හරිම ආදරෙයි. රංගන ශිල්පිනියක් ලෙස මාව ජනප්‍රියත්වයේ ඉහළින්ම රඳවපු චරිතය තමයි අසේනි. 

 


ඇස්වලින් කතා කරන ‘සංවරී’ ගීත්මාට දැණුනේ කොහොමද?
සංවරී කියන්නේ පාසල් ශිෂ්‍ය්‍යාවක්. ටිකක් දඟකාරයි. හැබැයි අහිංසකයි. මේ චරිතය කරන්න  මට අවස්ථාව ලැබෙන්නේ මෙහි අධ්‍යක්‍ෂවරයා වන සමීර හසුන් අයියා හරහා. ඔහු සමග මම මීට පෙර අහස් මාලිගා ටෙලි නාට්‍යයේ වැඩ කරලා තියෙනවා. ඒ හඳුනා ගැනීමත් එක්ක තමයි මේ නිර්මාණයට අවස්ථාව ලැබෙන්නේ ඒ වගේම සංවරීට මාව තෝරා ගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මට ගොඩක් වෙලාවට කැමරාව ඉස්සරහට යනකොට නිතර ඇහිපිල්ලම් ගැහෙනවා. අධ්‍යක්‍ෂවරිය මට කතා කරලා කිව්වා ඔයාගේ ඇස් දෙකටම ගැළපෙන නිර්මාණයක් තියෙනවා. බාරගන්න කියලා. බොහෝම කැමැත්තෙතන් මම ඒ ආරාධනාව බාරගත්තා. 

 


අවුරුදු කුමරියවීම හරහා ගීත්මට ජීවිතේ ලැබුණු දේවල් පිළිබද තෘප්තිමත්ද? 
අනිවාර්යයෙන්ම ඔව්. අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනකොට ඊට පස්සේ අනාගතයක් ගැන මගේ විශේෂ බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. ඒ කාලේ නිරූපන ක්ෂේත්‍රයට කැමැත්තක් තිබුණෙත් නැහැ. නිළියක් වෙන්න හීනෙකින්වත් හිතුවෙ නැහැ. මම රඟපාන්න දැනගෙන හිටියෙත් නැහැ. මට ඕනැ වුණේ අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යන්න. ඒත් අවුරුදු කුමරිය මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. 

 

 

ප්‍රේමය ගැන ගීත්මාට තියෙන්නේ මොනවගේ අදහසක්ද?
ආදරේ කියන්නේ හැමෝම ලබා ගන්න කැමති මානුෂීය හැඟීමකට. ඒත් බොහෝ දෙනා ආදරේ දකින්නේ මමත්වයෙන් අනෙකා සීමා කිරීමට ඇති අයිතියක් විදියට මම දකින විදියට නිදහස, ආදරය, රැකවරණය, අවබෝධය ඇතිව බෙදාගන්න ආදරේ හරි සුන්දරයි 

 


ගීත්මගේ ආදර කතාව මොනවගේද?
අපේ ආදර කතාවට දැන් වසර කීපයක්ම ගෙවිලා. මම මේ දවස්වල ඒ ආදරේ විඳිමින් ඉන්නවා. 

 

 


ජීවිතේට හරිම කෙනා ලැබුණා කියලා හිතනවද?
අපි මුණ ගැහෙන්නේ මිට අවුරුදු 2කට කලින් ඒක අහඹු සිදුවීමක්. අපි හොඳ යාළුවො වුණා. ආදර කතාවක් ඇරඹෙයි කියලා හිතුවේ නෑ. අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක. ඒත් අපි දෙන්නා අදහස්වලින් එක තැනකට ආවා. ඔහු මට ලොකු සහයෝගයක් දෙනවා මගේ ගමනට. මම හිතනවා ජීවිතේට හරිම කෙනා ලැබුණා කියලා 

 


ඒ කියන්නේ දැන් විවාහය ළඟයිද?
සමහර විට ළඟදීම විවාහය සිදුවේවි. 


නදීශා අතුකෝරළ 
ඡායාරූප සංජීව ලක්‍ෂාන්


 

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment