දම්පැහැති කකුළු කුමරියන්

තායිලන්තයේ වැසි වනාන්තරයකින්  දුර්ලභ දම් පැහැති කකුළුවන් සොයාගෙන තියෙනවා..මෙම දම්පැහැති කකුළුවන්ව"කකුළු කුමරියන්" විදිහට නම් කරලා තියෙනවා.

සංචාරක සමය සඳහා ප්‍රදේශය වසා දැමීමට ටික කාලෙකට කලින් වනජීවී නිලධාරීන් උද්‍යානයේ පැනෝන් තුං මුරපොලේදී කුඩා, මැණික් පැහැති මේ ජීවීන් දැක තිබෙනවා.

මහා චක්‍රි සිරින්දෝර්න් කුමරියට ගෞරවයක් විදිහට මේ කකුළුවන් "කකුළු කුමරියන්" හෝ "සිරින්දෝර්න්" කකුළුවන් ලෙස දේශීයව හඳුන්වනවා.

සම්පූර්ණ ප්‍රමාණයෙන් අඟලක් පමණ පළල කකුළුවන් වන මෙම සතුන් වනාන්තරයේ හරිත පාසි අතර විචිත්‍රවත් ලෙස කැපී පෙනෙනවා. ඒ වගේම ඔවුන්ගේ අසාමාන්‍ය පෙනුම ස්වභාවදර්මයෙන් ලැබුන දායාදයක් විදිහටත් හඳුන්වනවා.

Source & Images: Department of National Parks, Wildlife and Plant Conservation

State of Journalism 2026 වාර්තාව එළිදක්වයි Read Previous

State of Journalism 2026 වාර්තාව එළිදක්වයි

ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට Read Next

ආරක්ෂක සේවා කායවර්ධන කිරුළ හයවැනි වරටත් ගුවන් හමුදාවට

Realted Post

Leave a comment