දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ

ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගැණුනු බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීදිනෙන් (11වනදා) අවසන් වන අතර මෙම දිනයන්හි කිසිදු දීර්ඝ කිරීමක් සිදු නොවන බව ගංගාරාමාධිපති පුජ්‍ය අස්සජි නාහිමියෝ පැවසුහ. ඒ අනුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ට අද (10) හයවැනි දිනටත් දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කර ගැනීමේ අවස්ථාව හිමි වේ.

පැමිණෙන සැදැහැවතුන් අප සමඟ අදහස් දක්වමින් පැවසුවේ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාව තව දින කිහිපයක් දීර්ඝ කිරීම යෝග්‍ය බවය. මේ ගැන අප වැඩි දුරටත් කළ විමසීමේදී ගංගාරාමාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් අප සමඟ සඳහන් කළේ, ධාතූන්වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පෝලීම් සඳහා එක්වීම අද රාත්‍රි 10.00න් පසුව අවසන් කෙරෙන බවයි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව පසුගිය පෙබරවාරි 5 වැනිදා ආරම්භ වූ අතර උතුම් සර්වඥ ධාතූන්වහන්සේලා ඉන්දියාවෙන් පිටතට පළමු වරට වැඩමකරවූ අවස්ථාව මෙය වේ. 

එමෙන්ම සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාමාන කරගැනීමට දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන්, අන්‍යාගමික ජනතාව මෙන්ම විදේශිකයින්ද ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටිති. 

කෙසේවෙතත් ධාතූන්වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් වීමට නියමිතයි.

  • අශන්ති වරුණසූරිය

පාසැල් දරුවන්ට නොමිළේ  ඇස් කණ්ණාඩි Read Previous

පාසැල් දරුවන්ට නොමිළේ ඇස් කණ්ණාඩි

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල Read Next

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල

Realted Post

Leave a comment