නත්තල් සමයයි කොළඹ කොටුවයි

නත්තල් සමයත්, 2026 නව අවුරුදු සමටත් එක්ක අපි හිතුවා කොළඹ කොටුව පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. ඒ යන අතරේ අපිට විවිධ වර්ගයේ වෙළඳාම් සිදුකරන කාන්තා වෙළෙන්දන් කිහිපදෙනෙක් ම මුණගැහුණා. ඉතින් නත්තලට, නව වසරට සැරසෙන මේ සමයේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ගැන විස්තර කතා කරන්න අපි හිතුවා.

1.බෝධීරාජ මාවතේ දෙවැනි හරස් වීදියේ කාන්තා නිමි ඇදුම් වෙළඳසැලක් පවත්වාගෙන යන මුරලි තුෂාන්තිණි මහත්මියගේ උපන් ගම ගම්පොළයි. රැකියාවක් හොයා ගෙන කොළඹ ආපු ඇය විවිධ රැකියාවල යෙදිලා අවසානයට නතර වෙන්නේ තමන්ගෙම රෙදිපිළි අලෙවි සැලක් ආරම්භ කරන්න. අවුරුදු අටක් පමණ වෙළදාමේ යෙදෙන ඇය වෙළදාම් කටයුතු කරන්නේ ඇගේ කුඩා දියණියවත් වෙළදසැල තුළ දී  රැක බලා ගන්න ගමන්. ඇය පවසන ආකාරයට මෙවර වෙළදාම අනෙක් අවුරුදවලට වඩා ඇයට සරුයි. 


2.කොළඹ පිටකොටුවේ රෙදිපිළි වෙළඳාම් කරන කාන්තාවක් තමයි මේනකා සජීවනී කියන්නේ. කැලණියේ පදිංචි ඇය සෑම දිනකම තම ව්‍යාපාරික කටයුතු සඳහා කොළඹට පැමිණෙනවා. අවුරුදු දෙකක පමණ කාලයක සිට ඇය පිටකොටුවේ මෙම රෙදිපිළි වෙළඳාම සිදුකරමින් යනවා. අදවන විට ඇයට ම වෙන් වූ වෙනම පාරිභෝගික පිරිසක් නිර්මාණය වී තිබෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව මෙම අවුරුද්දේ නත්තල සමඟ රෙදිපිළි මිල දී ගැනීමට පාරිභෝගිකයන් උනන්දුවක් නොදක්වන බවයි ඇයගේ අදහස. ඒ මිනිසුන්ට පවතින ආර්ථික දුෂ්කරතා වන්නට ඇතිබව ඇය අනුමාන කරනවා.


3.ඩබ්ලිව්. ඒ කුමුදුනී කියන්නේ උපන් දා පටන් කොළඹ තම උපන් ගම කරගත් කාන්තාවක්. කොළඹ කොටුව ආසන්නේ පදිංචි ඇය සෑම දිනක ම කොළඹ කොටුවට පැමිණෙන්නේ තම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමේ අරමුණින්. කුමුදුනී සහ ඇයගේ ස්වාමියා එකම ස්ථානයක වෙන වෙන ම වෙළඳාම් සිදු කරමින් සිටිනවා. කුමුදුනී මෙසේ කොළඹ පිටකොටුවේ වෙළඳාම් කටයුතු සිදු කරන්නේ අවුරුදු 12 සිටයි. මේ වනවිට ඇයට වයස අවුරුදු 52ක් වෙනවා. සෙල්ලම් බඩු, බුලත් වගේ ම එදිනෙදා අපට අවශ්‍ය කුඩා කුඩා භාණ්ඩ වර්ග ඇය විසින් විකුණනු ලබනවා.

මුල් කාලයේ කුමුදුනී සහ ඇයගේ සැමියා තම වෙළඳාම් කටයුතු සිදු කර ඇත්තේ වෙනත් ස්ථානයකයි. එහි දී ඔවුන්ගේ ව්‍යාපාර ඉතා සාර්ථක මට්ටමක පැවතී තිබූ බවත් ඒ සමයේ ඔවුන් පුවත්පත් වෙළඳාම පවා සිදු කර තිබේ. මෙම වෙළඳාම් පටන් ගත් මුල් සමයේ ඔවුන්ගේ ආදායම ඉතා හොඳ මට්ටමක පැවතුණත් මේ වනවිට ආදායම පහළ වැටී ඇතිබවයි ඇය පැවසුවේ. එසේ ම නත්තල් සමය, අවුරුදු සමය සමඟ වෙළඳාමේ නව වෙනසක් සිදු වී නොමැත. එදිනෙදා ලැබූ ආදායම ඒ ආකාරයෙන් ම ලබා ගන්නා බවත් ව්‍යාපාරයේ ආදායම මේ සමයේ ඉහළ ගොස් නැත. එසේ ම මිනිසුන්ට පවතින ආර්ථික ප්‍රශ්නත් මීට හේතුවක් බවයි ඇය පැවසුවේ. ගංවතුර සමඟ රටේ ඇති වූ තත්ත්වය මෙයට තවත් හේතුවක් වී ඇත.

 

සටහන - සහශ්‍රිකා දයානන්ද, දුල්ෂරා මධුවන්ති

නත්තල් සමයයි කොළඹ කොටුවයි Read Previous

නත්තල් සමයයි කොළඹ කොටුවයි

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමු ගනියි..... Read Next

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමු ගනියි.....

Realted Post

Leave a comment