නව පාප් තුමා 14 වැනි ලියෝ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීමට සියළු කටයුතු පසුගිය දිනයන්හිදී සිදුවුණා. 

එය රහස් ඡන්දයකින් සිදු කෙරුණු අතර එම සිදුවීම වතිකානුවේ සිස්ටීන් දෙව්මැදුරේදී සිදුවිය. 

69 හැවිරිදි රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල්තුමන් නව පාප්තුමා ලෙස තෝරා ගනු ලැබීය. 

රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් ඇමෙරිකන් කාදිනල්වරයෙක් බවයි වාර්තා වන්නේ. 

රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට්, පාප් ධුරයට පත් වූයේ 14 වැනි ලියෝ පාප්තුමා ලෙසයි. 

ඇමෙරිකන් කාදිනල්වරයකු පාප් ධුරයට තේරී පත්වුණු පළමු අවස්ථාව මෙයයි. 

ඇමෙරිකානුවකු වුවත්, රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේය.

නව පාප්තුමන් කවුරුන්දැයි දැක ගැනීමට දස දහස් ගණනක් ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී ඇත. 

 14 වැනි ලියෝ පාප්තුමා ලෙස රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට්, ශාන්ත පීතර බැසිලිකාවේ සඳලු තලයට පැමිණ පහළ රැස්ව සිටි පිරිසට අත වනවමින් ඔවුන් ආමන්ත්‍රණය කළේය. 

එමෙන්ම රැස්ව සිටි පිරිසට ආශිර්වාද කිරීමට ද අමතක නොකළේය.

14 වැනි ලියෝ පාප්තුමා ශාන්ත පීතර චතුරස්‍රයේ සිටි පිරිසට අත වනා ඇත.

ඒ නව පාප්තුමකු තෝරා ගත් බව දැනුම් දී පැයකට පමණ පසුවය. 

මධ්‍යස්ථමතධාරියකු ලෙස සැලකෙන 14 වැනි ලියෝ පාප්තුමා, 267 වැනි පාප්තුමාය.

 

සටහන - කසුනි විජේසිංහ 

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ Read Previous

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ Read Next

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය දික් කරන්නේ නැහැ

Realted Post

Leave a comment