ලෝකය ලෙයින් ලියාගත් ඉතිහාසය

ලෝක ඉතිහාසයේ දරැණුතම යුද්ධය දෙවන ලෝක යුද්ධය වුවත් දෙවන ලෝක යුද්ධය ඇති වීමට ඊට පෙර ඇති වූ පළමු ලෝක යුද්ධයේ අවසන් නොකළ ගැටුම් ද හේතු විය.

දෙවන ලෝක යුද්ධය අවසන් වුයේ එහි දී මිත්‍ර රටවල් වලට විරැද්ධව යුධ වැදුණු රටවල් අතර සිටි ජපානය ,ජර්මනිය,ඉතාලිය ආදී  රටවල් රැසකට බරපතල ජීවිත හා දේපළ හානි සිදු කරමින්.

පළමු ලෝක යුද්ධය.


1914 ජූනි 28 වන දින ඔස්ට්‍රියාවේ කිරැල හිමි කුමරු සරායෙවෝ නගරයේ දී ඝාතනය කිරීමත් සමඟයි.මේ හේතූව නිසා යුරෝපය තුළ ඇති වූ මතවාදයන් ගැටුම් යුද්ධයක් දක්වා දුර දිග ගිය අතර පළමු ලෝක යුද්ධයට එකතු වූ දෙපාර්ශව වූයේ මිතුරැ පාර්ශවය හා මධ්‍යම පාර්ශවය යි.මිතුරැ පාර්ශව රටවල් ලෙස බ්‍රිතාන්‍යය (එක්සත් රාජධානිය)ප්‍රංශය,රැසියාව, එක්සත් ජනපදය (ඇමරිකාව) ලෙසත් මධ්‍යම බලවතුන් ලෙස ජර්මනිය,ඔස්ට්‍රියාව, බල්ගේරියාව,ඔටෝමාන් අධිරාජ්‍යය ඒ අතර විය.

නව යුධ ආයුධ රැසක් භාවිතා කරමින් දේපළ හා ජීවිත හානි මිලියන ගණනක් සිදු කළ  පළමු ලෝක යුද්ධයේදී මධ්‍යම බලවතුන් පරාජයට පත් විය. 1918 දී අවසන් කළ යුද්ධය  වසර  1919 දී Treaty of Versailles නම් ගිවිසුම  අත්සන් කරමින් දෙපාර්ශවය අතර පැවති යුද්ධය නිල වශයෙන් අවසන් කරන්නට විය.


ඉන් අනතුරුව කාලයක් ලෝකය සාමකාමීව දිවි ගෙවූ අතර වර්ෂ 1939 දී දෙවන ලෝක යුද්ධය ක්‍රමයෙන් ආරම්භ වීමට අඩිතාලය වැටෙන්නට විය.


වර්ෂ 1939 සැප්තැම්බර් මස 1 වන දින ඇඩොල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ ලෝක ඉතිහාසයේ සිදු වූ දරැණුතම යුද්ධය ආරම්භ වන්නට විය.

යුද්ධයේ ප්‍රධාන පාර්ශවයන් වූ මිතුරු පාර්ශවය  එක්සත් රාජධානිය , එක්සත් ජනපදය, සෝවියට් දේශය (රැසියාව) ,චීනය,ප්‍රංශය යුධ වැදුණු අතර අනෙක් පාර්ශවය ලෙස ජර්මනිය, ඉතාලිය හා ජපානය විය.ලෝක දේශපාලනය , ආර්ථීකය , සහ සමාජ යන කාරාණාවන්ට දැඩි බලපෑමක් කෙරැ මෙම ගැටුම් නිසා ලොව පුරා මිනිසුන් මිලයන ගණනකට දිවි අහිමි විය.

හිට්ලර් විසින්  පෝලන්තය ආක්‍රමණය කිරිම හා ඊට විරුද්ධව එක්සත් රාජධානිය සහ ප්‍රංශය ජර්මනියට විරැද්ධ ව යුද්ධයට පැමිණි අතර ඉන් පසු 1940 දී ජර්මනිය විසින් බ්‍රිතාන්‍යය සමග යුධ වැදුණු අතර එයින් දරැණු ලෙස පරාජයට පත් වීමට ඔවුන් ට සිදු විය.නැවතත් 1941 දී සන්නද්ධ වෙමින් හිට්ලර් ඇතුළු නාසී හමුදාව රැසියාව ආක්‍රමණය කරන්න ට විය. එයත් ඉතාමත් බරපතල ලෙස අසාර්ථක විය. මෙම මෙහෙයුම Operation Barbarossa ලෙසින් හදුන්වයි. කෙසේ වෙතත් එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසය තුළ සිදු වූ දරැණුතම ජීවිත හානි වාර්තා කරමින් 1945 දී ජර්මනියට පක්ෂපාතී ජපානය ට ඇමරිකාව විසින් හිරෝෂිමා හා නාගසාකි යන නගර වලට න්‍යාෂ්ටික බෝම්බ හෙළමින් ඔවුන් දරැණු ලෙස අඩපණ කරන්න ට විය.අදටත් මෙම ප්‍රහාරයේ ප්‍රතිපල 
ලෙස නාගසාකි හා හිරෝෂිමා නගර වල ආබාධ සහිත දරැවන් උපදින බව විද්‍යාඥයින් ගේ අදහස වේ. ජපානය අඩපණ වීම සහ ජර්මනිය දරැණු ලෙස පරාජයට පත් වීමත් සමඟ දෙවන ලෝක යුද්ධය අවසන් විය.

ඉන් අනතුරුව ලෝකය පුරා සාමය රැකීම සහ මතවාද වැලැක්වීම සඳහා සංවිධාන , සංගම්, ගිවිසුම් ඇති කරගනිමින් ලෝකය තුළ යුද්ධයන් ඇති වීම වැලැක්වීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් කල් ගත වෙද්දී ලෝකය පුරා විවිධ මත වාද, ගැටලු මුල් කර ගෙන නැවතත් යුධමය වාතාවරණයන් ඇති වීම සහ නැති වී යාම සිදු වන අතර ඔබ,අප මේ සතුටින් සිටින මොහොතේ දී ත් ලෝකයේ කොහෝ හෝ තැනක යුද්ධයක් නිසා දුක් විඳින පිරිස් බොහෝ ය.


සටහන -දුල්ෂරා මධුවන්ති.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස Read Next

අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Realted Post

Leave a comment