නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස්

2026 ශිෂ්‍යත්ව තරග විභාගය අත ළඟටම ඇවිත් නේද? දරුවන්ට ගුරුවරුන්ට වඩා මේ තරඟ විභාග පීඩනය වැඩිපුරම දැනෙන්නේ දෙමව්පියන්ටයි. අම්මලාගේ විභාගය කියලත් අපේ ජන සමාජය හඳුන්වන්නෙ ඒ නිසයි.

ඒ තරම්ම දරුවන්ට සමහර වෙලාවට උදේ සවස රාත්‍රී කියල නැහැ, පාසලෙන් පසු ශිෂ්‍යත්වය පන්ති Online class සමහර වෙලාවට මේ පුංචි මනසට මුලින්ම එන මේ තරග විභාගය නිසා අධ්‍යාපනය පවා එපා වීමට පුළුවන් අවස්ථාවක් වීමට පුළුවන්. නමුත් දරුවා විභාග පීඩනයකින් තොරව විභාග අභියෝගය ජයගන්නා අයුරුයි මේ කතා කරන්න සූදානම.

ඇත්තටම මේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවාට එක් කරන වටිනාකම කොයිවගේද?. 

ලාංකීය අධ්‍යාපන රටාවත් සමග ප්‍රාථමික අංශය මූලික කුසලතා වර්ධනය වන අයුරට ප්‍රාථමික අධ්‍යාපනය සැකසී තිබෙන අතර  පළමු ශ්‍රේණියේ සිට පහ වසර දක්වා  වසරවල් අවසාන වීමත් සමග පවත්වනු ලබන  ශිෂ්‍යත්වය විභාගයෙන් සමත්වීමෙන් කීර්තිමත් වඩා පහසුකම් සහිත ජනප්‍රිය  පාසලකට සිසුන් තෝරා ගැනීම සහ ආර්ථික වශයෙන් දුෂ්කරතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම අරමුණෙන් ගෙන එන තරග විභාගයකි. 

මෙම තරග විභාගෙට යාමේදී පෙර සූදානමක් අවශ්‍යද? 

මුලින්ම දරුවාගේ මානසික පැත්ත යහපත් ලෙස කළමනාකරණය කරගැනීම කළ යුතුයි. ඒ කෙසේද කියලා අපි පියවරෙන් පියවර කතා කරමු.


ආතතිය. 

යම් අභියෝගයකට මුහුණ දීමට සිරුර මනස දක්වන ස්වභාවික ප්‍රතිචාරයක් ලෙස ආතතිය හඳුනා ගන්න පුළුවන්. සුළු ආතතියක් තිබීම හොඳ දෙයක් වගේම ඒ මගින් දරුවන්ගේ උනන්දුව ඇතිවීම අවධානය යොමු කරවා ගැනීමට ඒ තත්ත්වය උපකාරී වෙනවා. නමුත් දරුවාට ඔරොත්තු නොදෙන ලෙස පීඩනයට ලක් කිරීමෙන් දරුවා බිය වී තිබෙන දැනුමෙන් ප්‍රයෝජනයක් නොගෙන ඉන්න පුළුවන්කමක් තිබෙනවා. 

පීඩාව. 

ආතතිය දරා ගැනීමට නොහැකි වූ එය පීඩාවක් බවට පත් වී දරුවා අධ්‍යාපනය එපා වීම වගේම ඔබ නොසිතූ විදියට දරුවා මානසික කායික රෝගියකු බවට පත්වෙන්න පුළුවන්. එතනදි නින්ද නොයාම හිසරදය අමතක වීම දැඩි බිය වැනි  මානසික රෝගවලට මුහුණ දීමේ හැකියාව තිබෙනවා.

ආතතිය පාලනය කරවන උපක්‍රම.

දරුවාගේ භූමිකාව හඳුනා ගැනීම. 

විභාග ආතතිය පාලනය කිරීම කෙරෙහි  විශ්වාසය හෙවත් ස්වයං කාරක්ෂාත්මතාවය ප්‍රධාන කරවයි. තමන්ගේ හැකියාව ප්‍රමාණය ගැන විශ්වාසයක් තබා ගැනීම පර්යේෂණයන් අනුවද පෙන්වා දෙන ප්‍රධාන සාධකයක් වෙයි තමා ගැනම විශ්වාසය ගොඩනංවා ගැනීම තුළ ඇතිවන ධනාත්මක චින්තනය හරහා අභියෝග පහසුවෙන් ජය ගැනීමට හැකියාව ලැබෙනවා. 


සිතුවිලි කළමනාකරණය. 

මනසට නැගෙන රිනාත්මක සිතුවිල ඉවත් කර ගැනීමෙන් මතක ශක්තිය වැඩිකර ගැනීම  හැකි හෙයින් ජයග්‍රහණය කරා ළඟා වීම ට ඒම විශ්වාසය දරුවා තුළම   ගොඩනැංවෙයි.

පවුලේ සහයෝගය. 

පවුල කියන්නේ දරුවාට තියෙන සුරක්ෂිතම රැකවරණයයි. එම රැකවරණය මත දරුවාගේ මානසික සහනය ඇතිවීමට එය ප්‍රබල සාධකයක් වෙනවා. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ සැම විටම දරුවාගේ උත්සාහය අගය කරන්න. 

සුදුසු පරිසරය. 

නිවස තුළ සාමකාමී පිරිසුදු අධ්‍යාපනයට හිතකර පරිසරයක් ඇතිකර ගත යුතුයි. එයින් දරුවාගේ මනස ස්වභාවයෙන්ම යහපත් සුවපත් වන බව පර්යේෂණ මගින් පෙන්වා දෙනවා. 

යථාර්ථවාදී අපේක්ෂාවන්. 

දරුවන්ගෙන් පමණට වඩා ලකුණු ප්‍රමාණයක් බලාපොරොත්තු වීමත් දරුවාගේ ආතතිය වැඩිකරවීමට හේතුවක් එනවා. නමුත් ඔබ ඒ වෙනුවට දරුවාව අගය කර දරුවාව ආදරණීයව දිරිමත් කරවන්න. 

මෙවැනි සාර්ථක විභාග කළමණාකාරීත්වයක් තුළින් ඔබේ දරුවා විශිෂ්ටයෙකු වීම නිරාසයෙන්ම සිදු කර ගැනීමට හැකි වේවී.

උපදෙස් - අයේෂා ජයසිංහ. නියෝජ්‍ය විභාග කොමසාරිස්. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව.

සටහන -  මහේෂානි මීගහපොල.

චාම් විදියට අඳින්න ආස ඔයාට Read Previous

චාම් විදියට අඳින්න ආස ඔයාට

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස් Read Next

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස්

Realted Post

Leave a comment