පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න

 

පියයුරු පිළිකාව ඇරඹෙන්නේ අපි ඉබේම හොඳ වේවි යනුවෙන් සිතා නොසලකා හරින ඉඳිකටු තුඩක් තරමේ පංචිම පුංචි ගැටිත්තකින්, බිබිලකින් හෝ කුඩා තවාලයකිනි. නැත්නම්, පියයුරේ කළින් නොතිබු පෙනෙන නොපෙනෙන ගානේ අසමානකමකිනි. කාන්තාවන්ගේ පියයුරු සෛලවල DNA මටිටමින් සිදුවන විකෘතිතාවයක් හේතුවෙන්, එම සෛල පාලනයකින් තොරව වේගයෙන් බෙදෙමින්, අසාමාන්‍ය ලෙස වර්ධනය වීමෙන් හටගන්නා වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය පියයුරු පිළිකාවයි. ක්ෂීර නාල හෝ කිරි නිපදවන ගුන්ථි තුළ වර්ධනය වන මෙම පිළිකා තත්ත්වය, ඉබේම හොඳ වේයැයි කල් හරින කාන්තාවනට අවසානයේ මහරගම අපේක්ෂා රෝහලේ වාපිටවක, කිමෝ තෙරපි (Chemo Therapy), රේඩියෝ තෙරපි (Radio Therapy) ප්‍රතිකාරවලින් හෝ පියයුරු ඉවත් කිරීමේ ඔපරේෂන් එකකින් එය හොද කරගන්නට සිදුවේ. ඉඳිකටු තුඩක තරමේ අර වෙනස, පියයුරෙන් ලේ, නහර දිගේ අපේ සිරුර ජීවත්ව තබන අවයව කරාද පැතිරෙන තරමේ බරපතල වෙනසක් වූ පසු, රෝහල් ඇදෙන් යළි ගෙදර ඒමද අවිනිශ්චිතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරුවලට අනව, 2024 වසරේ ලොව පුරා කාන්තාවන් මිලියන 2.4ක් පියයුරු පිළිකාවට ගොදුරු වූ අතර, ලොවට අහිමි වූ ජීවිත ගණන 694 000 කි. ලොව පුරා රටවල් 164 කම කාන්තාවන්ට වැළදෙන පිළිකා අතරෙන්, වඩාත් බහලව වැළදෙන පිළිකා වර්ගයද වන්නේද පියයුරු පිළිකායි.
කිසිදු ජානමය හේතුවක් හෝ බාහිර සාධකයක් නැතුවම, පියයුරු පිළිකාවට ගොදුරු වීමට කාන්තාවක වීම හා වයස පමණකක්ම ප්‍රමාණවත් වේ. ලංකාවේ දත්ත දෙස බලන විට සෑම කාන්තාවන් අට දෙනකුගෙන් එක් අයකුටම වැළඳීමට තරම් අවදානමක් ඇති පියයුරු පිළිකාව ගැන සමාජයේ කාන්තාවන් අතරම තිබෙන්නේ අඩු අවධානයකි. පියයුරු පිළිකාවට ගොදුරු වන කාන්තාවන්ගේන් 80% කම, වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් වීමෙන් හෙළි කරන්නේ කුමන වයසක සිටියත්, අජි අපේත්, අපේ ජීවිතවලට සමීප කාන්තාවන් සියලු දෙනාගෙත් පියයුරු සෞඛ්‍ය ගැන අවධානයෙන් සිටිය යුතු බවයි.

පියයුරු පිළිකාව, ජානමය වෙනස්කම් හේතුවෙන් මවගෙන් දුවට පාරම්පරිකව හිමිවීමේ අවදානමක්ද පවතින නිසා, අපේක්ෂා රෝහලේ සායනික වෛද්‍යවරුන් දැන් දැන් පියයුරු පිළිකා රෝගී මවකගෙන් දුවටද එම රෝගය වැලඳී ඇත්දැයි දැනගැනීමට මැමෝග්‍රෑම් පරීක්ෂාවන් සඳහා යොමවීමටත්, HPV (Human Papiloma Virus) නම් එන්නත විද පියයුරු පිළිකාව වළක්වා ගන්නා ලෙසටත් දැනුවත් කරති.
එහෙත් මාස දෙක තුනකට වතාවක් ගමේ සායනයෙන් පියයුරු පරීක්ෂාව සිදුකර ගැනීමටවත් උනන්දුවක් නොදකවන අපේ කාන්තාවන්ගෙන් වැඩි දෙනා පියයුරු ස්වයං පරීක්ෂාවෙන් එය කල්තියා හඳුනාගත හැකි බවක් දන්නේද නැත.
අපේ රටේත්, ලෝකය පුරාත් කාන්තාවන් ගිලගන්නා මේ නිහඬ මාරයා වැඩෙන්නේ, සියම් සංඥා මඟින් අපට අනතුරු අඟවමිනි. වේදනාවක් නැති වුවද පියයුරේ ගැටිත්තක් හෝ ඝනවීමක් පමාණයේ, හැඩයේ හෝ පෙනමේ සිදුවන වෙනසක්, පියයුරෙන් රුධිරය හෝ සැරව වැනි දියරයක් ගැලීමක් වැනි ඕනෑම සලකුණක්, පියයුරු පිළිකාවක ලක්ෂණ ලෙසින් පෙන්නුම් කරන අතර, පියයුරු ස්වයං පරික්ෂාවෙන් එවැනි අසමාන කමක් ඇතිදැයි තමනට බල ගැනීමට ද පුළුවන.


එහෙත්, කාන්තාවන් වැඩිදෙනා කරන්නේ හැම ගැටිත්තකම පිළිකාවක් නොවේ යැයි සිතා, හිත හදා ගැනීමයි. ගේ දොර, දරුමල්ලන්, සැමියා පමණක් නොව, ඇතැම් විට නෑදෑ සනුහරේම ඕනෑ එපාකම් කර පිටට වැටෙද්දී, කාන්තාවකට තමන් ගැන ඇති වගකීම අමතක කරන්නට සිදුවීම සාමාන්‍ය කාරණයකි. සෑම ගැටිත්තකම පිළිකාවක් නොවුවත්, ඒ බව වෛද්‍යවරයක ලවා තහවරු කරගැනීමෙන් මිස, මේ කිසිම වෙනසක් ගණන් නොගෙන අත්හැරීම, අපටම සිදුකර ගන්නා මාරාන්තික නොතකා හැරීමකි.
කාන්තා අප හමුවේ ඇති මේ පියයුරු පිළිකා අනතුරෙන් ආරක්ෂා වීමට සරල පියවර කිහිපයක් අනුගමනය කළ හැකිය. ඒ ඔබක හෙවත් Touch (ස්පර්ශ කරන්න), Look (නිරීක්ෂණය කරන්න), Check (පරීක්ෂා කරන්න) යන ස්වයං පරීක්ෂණ කම වේදයයි. මේ කමවේදයෙන් පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීමෙන් ශල්‍යකර්ම, විකිරණ චිකිත්සාව, හෝමෝන හෝ රසායනික ඖෂධ ඇතුළු ප්‍රතිකාර ක්‍රමයකින්, සාර්ථකව සුවපත් කරගෙන අපේ ඉරණම් කතාව සතටුදායක ලෙස අපටම ලියාගැනීමට හැකි වේ.

 

 

 

Beauty That Defines You Read Previous

Beauty That Defines You

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් Read Next

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

Realted Post

Leave a comment