පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපී්‍ඨයේ පලමු වසරේ ඉගෙනුම ලබන , අවුරුදු 22 ක් වයසැති ,සිසුවෙකු විශ්ව විද්‍යාලයේ ජේම්ස් පීරිස් ශාලාවේ තරප්පු පෙලින් වැටි හිසට සිදුවූ බරපතළ තුවාළ හේතූවෙන් ,මහනුවර ජාතික රෝහලේ ස්නායූ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරතිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මාතර ප්‍රදේශයේ , පදිංචි විජේවර්ධන නමැති සිසුවෙකි,මෙම සිසුවාගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමද දුෂ්කරවී ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි.
මෙම සිසුවාට කිසියම් පිරිසක් පහර දුන්නාද ,එසේත් නොමැතිව මත් පැන්සාදයක් අතර තුරකදී අනතුරකට ලක්වූවාද යන්න විශ්ව විද්‍යාල විනය අංශයද පරීක්ෂණ පවත්වන බව විශ්ව විද්‍යාල ප්‍රකාශකයෙක් පැවසීය.මෙම සිසුවා සහ තවත් සිසුන් පිරිසක් සිසුවෙකුගේ උපන් දින සාදයක් පවත්වා පසුව ආහාර ගැනීමට ගිය අවස්ථාවක ,සිසුන් පිරිසක් සමග බහින් බස්වී ගැටුමක් හටගෙන ඇති බවද,විශ්ව විද්‍යාල විනය අංශයේ නිලධාරියෙක් පැවසීය.
මෙම සිසුවා අනතුරට ලක්ව ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවති දිනයේදී බව පොලීසිය පවසයි
දැනට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අනතුරට ලක්වූ සිසුවා අනතුරට ලක්වූ ආකාරය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතා සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විශේෂ පරීක්ෂණයක් පවත්වයි.
ජේ ඒ එල් ජයසිංහ

Leave a comment