ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

අමතර ඉගැන්වීම් සඳහා  නිවසකට ගොස් එම නිවසේ බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කල  ටියුෂන් ගුරුවරයෙකු මහනුවර පොලිස් කොට්ඨාශ  ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත් අඩංගුවට  ගත් බව මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.

විවාහක 42 හැවිරිදි මෙම සැකකාර ටියුෂන් ගුරාගේ බිරිඳ පවුල් සෞඛ්‍ය නිලධාරිණියක බවද අනාවරණය විය. සැකකරුගේ  ජංගම දුරකතනයද පොලීසිය භාරයට ⁣ ගෙන  පරීක්ෂා කරද්දී එහි අසැබි ලිංගික දර්ශණ තිබූ බව පොලීසිය පවසයි.

සැකකරුගේ ලිංගික අතවරයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ මව විසින් මෙම සිද්ධිය පිළිබඳව මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිළි කිරීමෙන් පසු,මහනුවර කොට්ඨාශ භාර ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතාගේ අධීක්ෂණ මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ කොට්ඨාශ  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී  ප්‍රධාන පොලිස් පරීක්ෂක  නිලූකා පලිපාන මහත්මිය සැකකරුට එරෙහිව අධිකරණයේ  නඩු පැවරීමට වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

ජේ.ඒ.එල්. ජයසිංහ 

සුදු මැණිකෙලා දෙන්නෙක් Read Previous

සුදු මැණිකෙලා දෙන්නෙක්

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Next

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

Realted Post

Leave a comment