පුදුමාකාර පුනර්ජනනය

ජීව විද්‍යාවේ නීතිවලට අභියෝග කරන සත්ත්වයෙක් මෙලොව ජීවත් වෙනවා. ඒ තමයි "ඇක්සොලොට්ල්" කියන සත්ත්ව විශේෂය. මේ සලමැන්ඩර් වර්ගයේ සත්ත්වයාට තමන්ගේ ශරීරය පුනර්ජනනය කිරීමේ විශ්මිත හැකියාවක් තියෙනවා. මෙම සත්ත්වයාට සම්පූර්ණ අත් පා, හදවත, සුසුම්නාව සහ මොළයේ කොටස් පවා නැවත වර්ධනය කරගන්න පුළුවන් කෙනෙක්. ඇක්සොලොට්ල්ගේ මේ පුනර්ජනන හැකියාව කොච්චර අසාමාන්‍ය ද කියනවා නම්, විද්‍යාඥයෝ පවා පුදුමයට පත්වෙනවා.

ඇක්සොලොට්ල්ගේ පුනර්ජනනය පුදුම කරවන්නක්. මොකද එයාට සංකීර්ණ ශරීර කොටස් පරිපූර්ණ නිරවද්‍යතාවයකින් නැවත ගොඩනැඟීමේ හැකියාවක් තියනවා.
මෙම සත්ත්වයාට කකුලක් නැති වුණොත් ඒ වෙනුවට සති කිහිපයක් ඇතුළත අස්ථි, මාංශ පේශී සහ ස්නායු සහිත අලුත් කකුලක් සම්පූර්ණයෙන් ම වර්ධනය වෙනවා. ඊටත් වඩා පුදුම සහගත දෙයක් තමයි තමන්ගේ හදවත වැනි වැදගත් අවයව හා මොළයේ කොටස් කිසිම ගැටලුවකින් තොරව අලුත්වැඩියා කරගන්න පුළුවන් වීමේ හැකියාව.මේක මිනිසුන් ඇතුළු බොහෝ සත්ත්වයන්ට අසාමාන්‍ය දෙයක්. ඇක්සොලොට්ල්ලාට තියෙන විශේෂ සෛල නිසා මේ විශ්මිත හැකියාව එයාට පිහිටා තියනවා. 

ඊටත් වඩා පුදුම දෙයක් තමයි ඇක්සොලොට්ල්ලා සදාකාලිකව ම තරුණව සිටීම.  බොහෝ උභයජීවීන් මෙන් ඔවුන් සම්පූර්ණයෙන් ම ගොඩබිම ජීවත් වන වැඩිහිටියන් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තම ගිල්ස් රඳවාගෙන ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ජලයේ ජීවත් වෙනවා. මේ ගතිගුණය "නියෝටනි"  ලෙස හඳුන්වනවා. මේ තරුණ ස්වභාවය ඔවුන්ගේ පුනර්ජනන හැකියාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ සෛල නම්‍යශීලීව සහ අනුවර්තනය වෙමින් පවතින නිසා. පර්යේෂකයන් ඇක්සොලොට්ල්ලා අධ්‍යයනය කරන්නේ ඔවුන්ගේ පුනර්ජනනය ක්‍රියාකරන ආකාරය පිළිබඳ තේරුම් ගැනීමටයි. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කවදා හෝ මෙම දැනුම මිනිසුන්ට තුවාල හා රෝගවලින් සුවය ලබාගැනීමට පෙර නොවූ විරූ ලෙස උදව් කර ගැනීමටයි.

උපුටා ගැනීම - සමාජ මාධ්‍ය ඇසුරිනි 

සටහන - සහශ්‍රිකා දයානන්ද

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Previous

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක් Read Next

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක්

Realted Post

Leave a comment