බොලිවුඩයේ දිලිසෙන තරුව ප්‍රියංකා චොප්රා

ඉන්දියාව කියන්නේ ලෝකයට රූ රැජිණියන් බිහි කරන  කර්මාන්ත ශාලාවක් කිව්වොත් මං නිවැරදියි.වරින් වර ලෝකය තුළ කතා බහට ලක් වෙන රූපය, සුන්දරත්වය, බුද්ධිමත් බව, පෞරුෂත්වය ,ආත්ම විශ්වාසයත් එක්ක ලෝකය තුළ  ප්‍රබල කාන්තාවන්  බවට  පත් වී ඇති  ඉන්දීය රූ රැජිණයක් ගැනයි අද ලිපිය.

 

මේ කියන්නේ නිෂ්පාදිකාවක් ,රංගන ශිල්පීනියක්,කතුවරිය ක් ,ව්‍යාපාරිකාවක්,වගේ බොහොමයක් භූමිකාවන් ඉටු කරන බොලිවුඩ් මෙන්ම  හොලිවුඩ් වලත්  ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වූ
ප්‍රියංකා චොප්රා ගැනයි.


1982 ජූලි මස 18 දා උපත ලැබූ  ප්‍රියංකා ගේ ළමා කාලය ගෙවුණේ ඇමරිකාව සහ ඉන්දියාවේ දී ය. වෛද්‍ය දෙමාපියන් ගේ දියණියක්  වන ප්‍රියංකා 2000 වසරේ දී Miss world කිරුළ හිමි කර ගත් අතර ඇයට එවකට වයස අවුරුදු 18 කි.

ඉන් පසු රංගන ශිල්පිනියක් ලෙස බොලිවුඩයට පැමිණි ඇයට ක්ෂේත්‍රය තුළ දි  විවිධ දුෂ්කර හා  අභියෝගාත්මක කාලයක් පසු කරමින් තම ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට සිදු වු බව ඇය සම්මුඛ සාකච්ඡාවක් අතර තුර පවසා තිබුණා.


 අති සුඛෝපභෝගි වාහන, නිවාස සහ විශාල ව්‍යාපාර ප්‍රමාණයකට හිමිකම් කියන ඇයට මේ  වන විට කෝටි 580- 600 කට ආසන්න වත්කමක්  ඇත.


2025 ට  වයස අවුරුදු 43 ක් වන ඇය මවක්, බිරිඳක් හා දියණියක් ලෙස  ජීවිතය සාර්ථක කර ගෙන ඇති පසු බිමක අන් අයටත් සාර්ථකත්වය කරා ළගා වන අයුරු  සම්මුඛ සාකච්ඡා, සම්මණ්ත්‍රණ,පොත් ආදී තුළින් ඇය පැහැදිලි කර දෙයි.

ඇය සතුව ඇති දක්ෂ කථිකත්වය,ආකර්ෂණීය කතා විලාසය ඇය තුළ  ඇති විශ්වාසය,වචන හැසිරවීම, බුද්ධිමත් බව නිසා මඇයට කැපි පෙනෙන පෞරුෂත්වයක් හිමියි. Desi girl, Sunshine,PC ලෙස විවිධ අනවර්ථ නාම වලින්  ඇයව ක්ෂේත්‍රය තුළ ඇයව හදුන් වන අතර ලෝකය ම ඇයව තවමත්   හදුනන්නේ Desi Girl ලෙසයි.

තරු දරුවෙක් නොවි බොලිවුඩය තුළ පැවැත්ම තහවුරු කර ගත් රංගන ශිල්පීන් අතර ඉහළින්ම සිටින ප්‍රියංකා මේ වන විට මවක්, බිරිඳක් , දියණියක්, කාන්තාවක් ,ව්‍යාපාරිකාවක් ලෙසත්  ලෝකය තුළ කතා බහට ලක් වන ප්‍රබල චරිතයක් බවට පත් වී අවසන් ය.


සටහන -  දුල්ෂරා මධුවන්ති

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Next

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Realted Post

Leave a comment