ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක්
මත්ද්‍රවය ගත්තම මාර ජොලි කියන අයට පෙන්වන්න හොදම ලිපියක් මේ. ඇත්තටම මත්ද්‍රවය ගත්තම මාර ජෝලිද කියලා අහන,හිතන අයත් අවදානයෙන් කියවන්න ඕන ලිපියක් මේක.. මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන...
ඔහොම කියවන කෙනෙක් දිහා හොඳට බලන් ඉන්න ඔබට තේරෙනවා ටික දවසක් යනකොට, මේ යාළුව හම්බවුනහම ජොලියක් නෑ, කන එකේ ජොලියක් නෑ, එළියට එන එකේ ජොලියක් නෑ, සින්දුවක් ඇහුවට ජොලියක් නෑ. අර සාමාන්‍ය මිනිස්සු ජොලි කියලා ගන්න කිසිම දේකින් මේගොල්ලන්ට ජොලියක් එන්නේ නැහැ. එකම ජොලිය බවට පත්වෙනවා අර මත්ද්‍රව්‍ය ගන්න එක. අවුරුදු 12, 13 ළමයි අපිට හරියට මනෝප්‍රතිකාර වලදී එනවා.
දැන් උදාහරණයක් විදිහට දැන් ඔය සමහර අය හිතන් ඉන්නවා ගංජ බිව්වහම හොඳට සින්දු ලියන්න පුළුවන්, නව කතා හොඳට එනවා. ඔන්න ඔහොම ඕවා දැකලා ඇති සමහර මේ හොඳ ඉහළ ගනේ මිනිස්සු, මේ හොඳ කලාකරුවෝ කියනවා මේ එයාට මේ අර අහවල් මත්ද්‍රවය ගත්තහම තමයි ඒ සින්දු ආවේ කියලා. මෙන්න මෙහෙම දේවල් සමාජ ගත කරනවා එක්තරා පිරිසක්. මෙහෙම සමහර අය අපේ රටේ තරුණයන්ට පණිවිඩයක් දෙනවා මේ මත්ද්‍රවය ගත්තහම හරි ජොලි, ප්‍රබෝධයි වෙනදාට වඩා හරි සන්තෝසයක් දැනෙන්න ගන්නවා කියලා. මනෝවිද්‍යාත්මකව මේක සමාජගත කරන වෙනම ජාවාරමක්.
පුරුෂ ශක්තිමත් එනවලු, හොඳට කතා කරන්න පුළුවන් වෙනවලු, මෙන්න මේ වගේ වැරදි අදහස් සමාජයට එවනවා. නමුත් මම ඔබට කියන්නම් මේකේ තියෙන්නේ විද්‍යාව දැන් ඔබ හිතන්න මොලේ ඇතුලේ තියෙනවා මේරීවෝඩ්ස්ටම් කියලා හඳුන්වන එක්තරා විද්‍යාත්මක දෙයක්.
සමහර දේවල් වලට පෙළඹෙන්නේ ඒකෙන් සතුට එන නිසා එතකොට මේ සතුට සම්බන්ධව මොලේ ඇතුලේ තියෙන ලොකුම රසායනික ද්‍රව්‍ය කීහපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන එක තමයි අපි කියන්නේ ඩෝපමීන් කියලා. මේ ඩෝපමින් කියන රසායන් ද්‍රව්‍යය තමයි මේ අවුල අපිට හදන්නේ හැබැයි ඩෝපමින් කියන රසායනද්‍රවය අපිට හදලා දුන්නේ ස්වභාව ධර්මය යාළුවෙක් හම්බවුනාම සතුටු වෙන්න, කේක් කෑල්ලක් කෑවම සතුටු වෙන්න, නැටුමක් නැටුවහම සතුටු වෙන්න, සින්දුවක් ඇහුවහම සතුටු වෙන්න, මේ සතුට එදිනනෙදා දේවල්වලින් ගන්න තමයි මේ ඩෝපමින් කියන එක හැදුවේ.
විෂ මත්ද්‍රවය ගැනීමෙන් මොකද වෙන්නේ ?
අධික සාන්ද්‍රණයකින්, අධික ඩෝපමින් ප්‍රමාණයක් මොලය ඇතුලේ ශ්‍රාවය වෙනවා. මෙන්න මෙතනින් තමයි අවුල පටන් ගන්නේ එතකොට ඉතාම අධික ඩෝපමින් ප්‍රමාණයක් එකවර ශ්‍රාවය වෙච්ච ගමන් මොලයට මේ ඩෝපමි ප්‍රමාණය දරාගන්න බැහැ. ඒනි ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒ ඩෝපමින් ගිහිල්ලා බැඳෙනවා මොලේතරා තැන්වල දැන් ඔතන ප්‍රධාන තැන් තියෙනවා අපිට ඒ නම් අවශ්‍ය නැහැ. මේ අධික ඩෝපින් ප්‍රමාණයට බැරි වෙනවා මේ තියෙන සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වාගන්න. මොකද මේ සෛල අනතුරේ වැටෙනවා එතකොට සෛල මිය යන්න ඉඩ තියෙනවා. මේ අධික විදිහට උත්තේජනය වෙලා සෛල ටික මොකද කරන්නේ අර ඩෝපමින් බැඳෙන්න පුළුවන් ස්ථාන අකුල ගන්නවා.
ඔවුන්ගේ මනස සම්පූර්ණ විනාශ වෙනවා ඔවුන්ට මානසික රෝග එනවා ඔවුන්ගේ රස්සාව නැති වෙනවා ශාරීරික ලනවා ඊළඟට සයිකෝෂිය ආබාධ වගේ තාම දරුණු ගනයේ මානසික රෝග මේ අයට එනවා. සමහර වෙලාවට ඔවුන්ට මුළු ජීවිත කාලයම ගොඩ එන්න බැරි තරම් කායික හානියක් සිදුවෙන්න පුළුවන්.
මද්‍රව්‍ය විකුණන ඒ ජාලය විසින් හදනවා උපසංස්කෘතියක්. ඒකට භාෂාවක් හදනවා. ඒවට අභිමාන හදනවා. අද අපි මේ අපේ තරුණයන්ට දෙන්න ඕනේ ලොකුම පණිවිඩය තමයි, මේ මද්‍රව්ව්‍යය කියන එකෙන් කිසිම සතුටක් විනෝදයක් ජොලියක් එන්නේ නැහැ. අපිට සතුටක් ජොලියක් ගන්න, සංගීතය රස විදින්න. නව කතාවක් කියවන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ඉගෙනගන්න. හොඳ කෝස් එකක් කරන්න පුළුවන්. හොඳ පඩියක් එන රස්සාවක් කරන්න පුළුවන්. අපිට එළියට ගිහිල්ලා හොඳ කෑම් වේලක් කන්න පුළුවන්. ට්‍රිප් එකක් යන්න මේවගේ විනෝද වෙන්න බොහෝ දේවල් අපිට තියෙනවා.
පවුලේ සාමාජිකයෙක් හැටියට ඉන්නවා නම් මෙවන් අයෙක් අනිවාර්යයෙන් ඔබ මේකෙන් අයින් වෙන්න මොකද,ඔබ ඒ පවුලට කරන්නේ විශාල හානියක්ඒ.
අපි කියන කාරණාවත් එක්ක ඊළඟ වැදගත් දේ තමයි දරුවන් නොසලකා හැරීම. ළමයාට දෙන ඉතාම වැදගත් කාරණාවක් මේ යහපත් මොලයක් පවුල ඇතුලේ ගොඩනැගෙන්න දෙන එක. අන්තරාදායක අත්දැකීම් වලින් ළමුන් රැකගෙන ඉතාම ප්‍රබෝධකාරී පවුල් පරිසර හදාගන්න කියන ආරාධනාව අපි සියලුම පවුල්වලින් ඉල්ලනවා.
කාන්තා කටයුතු අමාත්‍යංශය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය දෙවැන්ත වැඩ පිළිවෙලක් පටන් ගත්තා මේ පවුල් ශක්තිමත් කරන්න. පවුලේ ඇතුලේ තියෙන සන්නිවේදනය පවුලේ ඇතුලේ තියෙන ප්‍රබෝධය සතුට අර සුන්දර සතුටු පවුල් හදන්න ඒ වගේම සතුටු පාසැල් සතුටු පවුල් අපේ රටට දැන් අවශ්‍යයි. මොකද පීඩාකාරී පවුල් පීඩාව හිංසනය හිංසනය නැගල එන හිංසනය බලවත් පවුල් නෙමෙයි අපිට ඕනේ සාමය ප්‍රබෝධය බලවත් පවුල ඒ නිසා සතුටු පාසල් සහ සතුටු ගෙවල් හදාගන්න.
අශන්ති වරුණසූරිය

Leave a comment