මීමුරේ නිවසක සිර වූ තෙමසක පුංචි රෝස මල බේරා ගත් සිංහ පැටව්

මේ දවස්වල අහන්න දකින්න වෙන සංවේදී කතා බොහොමයක් අතරට එකතු වුණ අදරණිය කතාවක් තමයි මේක. පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වුණ මෙම කතාව විදුවන්නේ මීමුරේ. 

මීමුරේ කියන්නේ මෙවර ආපදාවෙන් වැඩියෙන්ම හානි වූ ප්‍රදේශයක්.

එයා ලස්සන පුංච්ම පුංචි රෝස මලක්. තාම මාස 3යි. සෝස මලගෙ අම්මා රැකියාවට යනවා. පුංචි සෝස මලව අත්තම්මාට බලාගන්න දීලා.. ඇත්තටම ඇය එදින රැකියාවට ගිහිං තියෙන්නෙත් ප්‍රසූත නිවාඩු දික් කරගන්නත් හිතාගෙන. 

කවුද හිතන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා. මහා වැස්ස ගම් පිටින් යට කරද්දී ඇයටත් නැවත නිවස බලා ඒමට නොහැකි වෙනවා. අත්තම්මයි, පුංචි සෝස මලයි ගෙදර තනි වෙනවා. අත්තම්මාට සෝස මල අරං යන්නත් බැරි වෙනවා. ඔහොම දවස් දෙකක් ගෙවෙනවා. මේ අතරේ ගංවතුර නාය යෑම් සෝදිසි කරන්න මේ ගම්මානයට එන කොමාන්ඩෝ කණ්ඩායමක් එනවා. ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක්. දෙසැම්බර් 3 වැනිදා කරම්බකැටිය ගම්මානයේ ඔවුන්ගේ සෝදිසි කිරීම්වලදී මේ නිවසේ සිරවී සිටි සෝස මලයි අත්තම්මයි හමු වෙනවා. 

වහාම ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන කොමාන්ඩෝ කණ්ඩායමට දින දෙකක් මව් කිරි නොමැතිව සිටි දියණියගේ සෞක්‍ය තත්වය ගැනත් ගැටළුවක් පැණ නගිනවා.  ප්‍රදේශයත් දැඩි හානියට පත් වෙලා. ඉන්න තැනට ගුවන් යානයක් ගෙන්න ගන්නත් බැහැ. එක දිගට වහින වැස්සත් එක්ක තප්පරයක්වත් පරක්කු නොවී කොමාන්ඩෝ කණ්ඩායම වහාම පුංචි බිළිදියත් අත්තම්මාවත් රැගෙන නුදුරේ ඇති ආරණ්‍ය සේනාසනයකට රැගෙන යන්නේ තිබෙන වාතාවරණය මත සන්නිවේදන පහසුකම් ද නොතිබුණු බැවිනි. එතැනින් ගුවන් හමුදාවද සම්බන්ද කරගෙන බිළිදිය  හමුදා කඳවුරට ගුවනින් රැගෙන ව්ත් ආරක්ෂිතව ඇගේ මවට භාර දී තිබෙනවා.

අවසානය සතුටින් පිරුණු කතාවක්. අපි නොදන්නා තවත් මෙවන් කතා බොහොමයක් මෙවර දිට්වා සමග තියෙන්නට ඇත. කෙසේනමුත් ත්‍රිවිධ හමුදාවේ ඒ කැපවීමට සමදා අපගේ උත්තමාචාරය. ඉතිං විරුවාණනි ඔබට දිර්ඝායුෂ !!

අශන්ති වරුණසූරිය

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි. Read Previous

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි.

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment