මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න

දරුවා සමග සෙල්ලම් කිරීම පවා බර අඩු කරගැනීමට උදව් වන ව්‍යායාමයක් 


දරුවා සමග සෙල්ලම් කිරීම, ඇවිදීම, අතුගෑම වැනි එදිනෙදා ක්‍රියාකාරකම් දිනපතා නියමාකාරව සිදු කිරීම බර අඩු කර ගැනීමට බෙහෙවින් උදව් වෙනවා . මේ සඳහා  සාමාන්‍ය නිර්දේශය වනුයේ සතිපතා මිනිත්තු 150 ක මධ්‍යස්ථ ව්‍යායාමයකි. එම නිසා සමබර ආහාර වේලක් සහ ක්‍රියාශීලී ජීවිතයකට හැඩ ගැසුනහොත් Gym හෙවත් ව්‍යායම් / කාය වර්ධන මධ්‍යස්ථානයකට ගොස් වෙනම ව්‍යායාම කිරීම අවශ්‍ය වන්නේ නැත.  නමුත් ඔබට ව්‍යායාම මධ්‍යස්ථානයකට  (Gym) ගොස් ව්‍යායම් කිරීමට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඒ සඳහා යොමුවිය හැකිය. 

මතක තබා ගන්න, එක් එක් මවගේ පසු ප්‍රසව බර අඩුවීමේ වේගය වෙනස් වන අතර, ඉලක්කය වන්නේ ඉක්මන් බර අඩු කිරීමට වඩා  සෞඛ්‍ය සම්පන්නව ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමයි.

Health promotion bureau

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල Read Previous

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල

TVS Knowledge Center රාගමට Read Next

TVS Knowledge Center රාගමට

Realted Post

Leave a comment