මාතෘත්වයේ සුන්දරත්වය

2025 මැයි 11 වන දෙවන ඉරු දිනයේ ලෝක මව්වරුන්ගේ දිනය සමරනු ලැබෙයි.මෙවර "මාතෘත්වයේ සුන්දරත්වය" යන තේමාවෙන් ලෝක මව්වරුන්ගේ දින සැමරුම නම් කර ඇත.

මෙහි ඓතිහාසික වපසරිය දෙස අවධානය යොමු කරද්දී එය 1908 දක්වා අතීතයට දිව යන බව පෙනේ.1908 දී ඇනා ජාවිස්ගේ මව මිය යෑම සහ ඇය ඒ වෙනුවෙන් ගෞරව දැක්වීමක් වශයෙන් කටයුතු සූදානම් කිරීම මෙහි මූලාරම්භ පියවර වේ. පසුව ඇය මැයි මස දෙවන ඉරිදාව නිවාඩු දිනයක් ලෙස සියලු මව්වරුන් වෙනුවෙන් කෘතඥතාව දැක්වීමට ඉල්ලීම් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 1914 දී එය සම්මත වූ අතර පළමු නිල මව්වරුන්ගේ දිනය 1914 මැයි 11 දා සමරන ලදී . ඇනා විසින් ඇගේ මව වෙනුවෙන් සුදු කානේෂන් මල් පුදා ගෞරව දැක්වීම සුදු කළ නිසා ම මව්වරුන්ගේ දින නිල මල ලෙස සුදු කානේෂන් මල යොදා ගැනීම දකින්නට ලැබේ.

මව යන සංකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමක දී දෑසේ සෙනෙහෙ කදුලක් දල්වන කාරණාවක් සියල්ලන් ම සතුය.දරුවෙකු කුසේ පිලිසිද ගත් දා පටන් ඈ මවකි.පියවරක් පාසා කිරිකැටියෙකුගේ බර සමඟ ගමනක් යන දිරිය කතකි.සෙනෙහෙවන්තියකි.

කැපකිරීම ලෙය කිරි කරද්දී,නිදි නැති රැයවල් දරු දුක බලද්දී පැහැදිලි කරවන්නා වූ කරුණාබර හදවත අම්මා සතුය. කුසට අහරක් නැතත් දරු කුස පුරවන කුසගිනි නොදැනෙන කත අම්මාය. අකුරු ලදත් නොලද්දත් අකුරු වෙනුවෙන් දරුවන් හඹා යවන්නී අම්මාය. පාට හැඩ ඇති ගවුම් පොඩි කමිස පොඩි අන්දවද්දී හුරු චීත්ත පොට අඳින්නී අම්මාය. සියලු දුක් දරු සිනහ තුළ දිය කර සිනාසෙන්නිය අම්මාය.

කුඩා කළ පටන් කර දඬු උස්කරවන ප්‍රතිමා මූර්තිනිය අම්මාය. ඉගිලෙන්නට පියාපත් ඔප දමන්නිය අම්මාය.නික්මුන පසුවත් සෙත් පතන්නිය අම්මාය.

සරලව ම දිවියේ සෑම මොහොතක ම කොටස්කාරිනිය අම්මාය. මවකගේ සුන්දරත්වය තැවරෙන්නේ ම මේ අසීමාන්තික වූ කැපකිරීම නිසාමය.

සියල්ලන්ගේම මව්වරු සරසවමු සිනහවෙන්;සැනසීමෙන් සෑම දිනකම. මේ ලෝක මව්වරුන්ගේ දින පටන්.

පියුමලී දිසානායක

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment