මෝරෙකුගේ ජීවිතයේ පළමු සටන ගර්භාෂය තුළ ආරම්භ වන බව ඔබ දැන සිටියාද?

sand tiger sharks  ලා සටන් කිරීමට  ඉපදෙන තුරු බලා සිටින්නේ නැති බව ඔබ දන්නවාද? 

එම සත්ත්වයා යුද්ධය ආරම්භ කරන්නේ ගර්භාෂය  ඇතුළත ඉඳළමයි. 

සෑම ගර්භාෂයකම, සංසේචනය වූ බිත්තර කිහිපයක් වර්ධනය වන නිසා  ඉන් පළමු කලලය බිහි වූ වහාම, ඌ තම සහෝදර සහෝදරියන් පසුපස හඹා යමින් ඔවුන් ඉරා දමා, එකින් එක ගිල දමනවා කියා ඔබ දැන සිටියා නේද?  

මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලිය විද්‍යාත්මකව"ඇඩෙල්ෆෝෆැජි" (adelphophagy ) ලෙස හදුන්වයි. 

එහි අර්ථය "තම සහෝදරයා අනුභව කිරීම" යන්න බව අන්තර්ජාලය පෙන්වා දෙනවා. 

සෑම ගර්භාෂයකින්ම දෙදෙනෙකු පමණක් මතු වනවා. 

උන් තම මව කිසිදා නොදුටු යුද්ධයකින් ජය ගන්නවා. 

එය ශක්තිමත්ම, දරුණුතම සහ මාරාන්තිකම අය පමණක් දිවි ගලවා ගන්නා බව සහතික කරන යුද්ධයක්. 

සටහන - කසුනි විජේසිංහ 

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක් Read Previous

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක්

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Next

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

Realted Post

Leave a comment