රඟ මඬලේ අඟ රැජින - දිවි මඬලෙන් සමුගනියි

ශ්‍රී ලාංකික සිනමාවේ අඟ රැජින  ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකා අද (24) උදෑසන (වයස අවුරුදු 76 දී) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවාය.

1968 දී තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද පුංචි බබා සමඟින් ෆොන්සේකා සිය සිනමා දිවියට පිවිසියේය. එම වසරේම ඇය අබුදස්සේ කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපටවල රඟපෑ අතර, ප්‍රධාන නිළියක් ලෙස ඇගේ පැවැත්ම තහවුරු කළාය.

ඇගේ දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන අතර අවසන් කටයුතු 26 වන සඳුදා, සවස නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

මීගමුවේ විලාපය Read Previous

මීගමුවේ විලාපය

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Next

ලස්සනට අඳින්න කැමති ඔයාට

Realted Post

Leave a comment