රාවණ සාක්ෂි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක

රාවණා යුගය වීර කාව්‍යයක් වුණාට අද වන විටත් බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් කරුණු ගවේෂණය කරමින් සිටිති. මෙහිලා වැදගත් වන්නේ අදටත් මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ වෙනත් රටවල් වීමයි. 

අදටත් රාවණා යුගය සම්බන්ධයෙන් සෙල්ලිපි නිසි අයුරින් අධ්‍යයනය නොකරුණත් මේ ගැන ඇති ජනප්‍රවාද බොහොමයකි. එවැනිම මෙම යුගය සම්බන්ධයෙන් බොහෝ පරීක්ෂණ,  විමර්ශන සිදු කළ පිරිස අතර ගැඹුරින් පරීක්ෂණ කළ අයෙක් වශයෙන් ආචාර්ය මිරෙන්ඩෝ ඔබේසේකරයන් අපට නම් කළ හැකි චරිතයකි. 

ඔහු සිය පරීක්ෂණ ආශ්‍රිතව ලියූ ග්‍රන්තද රාශියක් ඇත.

රාවණ යුගය සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද වලට අමතරව  කෘති වගේම සෙල්ලිපි විශාල සංඛ්‍යාවක් ඇතත්  සෙල්ලිපි සම්බන්ධයෙන් මෙතෙක් සිදු වූ විශේෂ පරීක්ෂණ නොමැත.

අපේ හෙළ ඉතිහාසය එදා බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ගිය බවටත් කියැවෙන දේ බොහොමයි. ඒ ගැන  ආචාර්ය මිරෙන්ඩෝ ඔබේසේකරද පවසා තිබේ. ඔහු  විසින් සිදු කරනු ලැබූ ගවේෂණ,  පරීක්ෂණ හමුවේ ඔහු පවසන්නේ රාවණ සාක්ෂි බොහොමයක් එංගලන්තයේ බ්ලැෆයර් වීදියේ කෞතුකාගාරයක සඟවා ඇති බව.  සීගිරිය සම්බන්ධයෙන් ද අන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු පවසන්නේ සීගිරිය රාවණා රජුගේ පියා වන වෛශ්‍රවණමුණි රජුගේ නිර්මාණයක් බව.

එවන් බොහෝ දේ පවසමින් ඔහු ලියූ ග්‍රන්ත අතර රාවණ අමරණීයයි යනුවෙන්ද පොත් රාශියක් ඇත. රාවණ ගවේශණය කරන්නෙක්ට   ආචාර්ය මිරෙන්ඩෝගේ පරීක්ශණ සටහන් අශ්‍රයෙන් තව බොහෝ කරුණු දැනගත හැක.

මේඝා චින්තාමණී

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන  රන්දෝලි පෙරහැර Read Previous

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3 Read Next

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3

Realted Post

Leave a comment