රියල් ෆීලින් එකත් එක්ක හැදෙන විරාජ්

 

සීමා මායිම් අභිබවා යමින් හඬ පෞර්ෂයේ වෙනස් හැඩයක්  ලංකාදීප Online කතාව with Ash සමඟ සම්බන්ධ වෙනවා. ඒ තමයි රියල් ෆීලින් එකත් එක්ක හැදෙන කඩවසම්, ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.

අපි කොහොම ද අපේ දක්ෂතාවය හඳුනාගෙන අපේ ඒ Skills ගොඩනඟා ගන්නේ ?

ඒක ස්වයං අධ්‍යයනයක්. ගොඩක් අය එක එක තැන්වලට අවධානය දෙනවා. සමහරවිට ඒ Girlfriend ට. නැත්තම් Job එකට වෙන්න පුළුවන්. ඒ ගමන් තමයි ගොඩක් අය තමන්ගෙ Skills වලට අවධානය දෙන්නේ. ඒත් මට පොඩිකාලේ ඉඳන් පුරුද්ද තිබ්බේ මට ම මගේ අවධානය දෙන්න. මම කොහොමද අළුත් දෙයක් හොයන් යන්නේ. කාගෙවත් දෙයක් ගන්නෙ නැතුව කොහොමද දෙයක් කරන්නේ කියන එක. අපි කාවවත් Follow කරන්න හොඳ නෑ. කාගෙවත් Copy එකක් වෙන්න හොඳ නෑ. අළුත් දෙයක් කරන්න යොමුවෙන්න ඕන.

ගායකයෙක් හෝ තමන්ගේ තනි උත්සාහයෙන් පවුලක් නඩත්තු කරගෙන, පවුලක් හදාගෙන, ස්ථාවරයක් ගොඩනඟා ගන්න පුළුවන් ද?

ඔව් පුළුවන්. ඒක තමන්ගෙ විශ්වාසය මත තමා පදනම් වෙන්නේ. එක එක දුෂ්කරතා එන්න පුළුවන්. තමන්ගෙ කැපවීම තමා මේ හැමදේට ම බලපාන්නේ. මටත් එක එක අය එක එක දේවල් කරන්න කීව. ඒත් මට මං ගැන විශ්වාසයක් තිබ්බා. කවදාවත් අතහරින්න හොඳ නෑ. සේනක බටගොඩ ගත්තම එයා වයසට ගියාට පස්සේ තමා එයාගෙ ගීත ප්‍රසිද්ධ වුණේ. එයා වයසට යනකල් ම try කළා. එයා වයසට ගියත් music කියන දේ අතහැරියේ නෑ. කවුරුහරි හිතනවා නම් මං දැන් පරක්කුයි, වයසයි කියලා. ඒකට හොඳම උදාහරණය සේනක බටගොඩ මහතා.

උපුටා ගැනීම - ලංකාදීප Online කතාව with Ash 
සටහන - සහශ්‍රිකා දයානන්ද 

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Previous

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment