රූ කිරුළ 2025

රූ කිරුළ 2025

සිරිලක පිරි අවුරුදු සිරි 2025 අවුරුදු උදානයේ රූ කිරුළ රූපවාහිනි අවුරුදු කිරුළ රූපවාහනී අවුරුදු කුමරිය අවසන් මහා තරගය සඳහා තරගවදින රූමතියන් අතරින් දක්ෂතම කුමරිය තේරීමේ තරගය පසුගිය දා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ඔවුන්ගේ විවිධ වූ විශේෂ හැකියාවන් උරගා බැලීමක් සිදු කෙරිණි. නර්තනය, ගායනය, රංගනය හා වෙනත් සුවිශේෂී දක්ෂතා මෙහිදී එළි දැක්විණි. දක්ෂතම කුමරිය කිරුළ ගැන්වීම 2025 අප්‍රේල් 15 දින මාවතගම මහජන ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී සිදු කෙරේ.

නිරූපන උපදේශක රුක්මාල් සේනානායක, වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි වන ජයවීර, රංගන ශිල්පිනි උපේ ස්වර්ණමාලි, Natures Beauty Creations හි අලවි කළමාණාකාර රුවන් වික්‍රමාරච්චි යන මහත්ම මහත්මින් විනිසුරු මඩුල්ල සඳහා සහභාගී විය.

 

ජායාරූප - ගිංතක අරඹෙවල
 

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment