රූ කිරුළ 2025

රූ කිරුළ 2025

සිරිකත පුවත්පත මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන සිරිලක පිරි අවුරුදු සිරි 2025 අවුරුදු උදානයේ රූ කිරුළ අවසාන මහා තරගය මාවතගම මහජන ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.


මෙවර රූ කිරුළ ප්‍රථම ස්ථානය සමාධි වීරතුංග විසින් හිමි කරගත් අතර දෙවන ස්ථානය කේශානි මහේශිකා, තෙවන ස්ථානය වරංගනා හල්පගේ විසින් හිමිකර ගත්තාය.


මෙහිදී හොඳම කේශ කල්‍යානිය ප්‍රබෝධා හංසනී, ඡවි කල්‍යානිය කවීශා නානායක්කාර, දක්ෂතම කුමරිය ප්‍රථම ස්ථානය නිත්‍යරංගි සමරකෝන්, දෙවන සහ තෙවන ස්ථාන සමාධි වීරතුංග, උදාරා දිසානායක, ජනප්‍රිය කුමරිය මාධවී ප්‍රාර්ථනා,  CIB සේයාරූ කුමරිය කේශානි මහේශිකා විසින් ජයග්‍රහණ හිමිකර ගත්තාය.

අධ්‍යක්ෂ ජෙනරාල්  මනෝජ අමරසිංහ සහභාගී වී සිටි අතර  ප්‍රවීණ නර්තන උපදේශක ආචාර්ය චන්න විජේවර්ධන,රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී, වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය, නිරූපණ ශිල්පිනී චූලක්ෂි රණතුංග, ප්‍රවීණ වින්‍යාස උපදේශක රුක්මල් සේනානායක, බොනීතා ආයතනයේ අලෙවි කළමනාකරු රුවන් වික්‍රමාරච්චි, CIB හෝල්ඩිංස් අධ්‍යක්ෂ බුද්ධික විජේසුන්දර, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී චතු ජයවීර, යන මහත්ම මහත්මීන් විනිසුරු මඩුල්ල සඳහා සහභාගී වූහ.

ඡායාරූප - රනුක විජේවර්ධන

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment