රොනාල්ඩෝ - ජොර්ජියානා විවාහ ගිවිස ගනියි

"Yes I do in this life and in all my lives" ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෙම්වතිය ජෝර්ජිනා සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සිය මුදුවේ ඡායාරූපයක් සමඟ අගෝස්තු 11වන දින මෙලෙස පවසා තිබුණා. මෙම මුදුව කැරට් 25-30 ක් පමණ වන බවත් ඩොලර් මිලියන 2ත් 5ත් අතර පමණ වටිනාකමකින් යුතු බව අනුමාන කරන බව වාර්තා වෙනවා.

මෙම යුවල වසර 8කට ආසන්න කාලයක් පෙම්වතුන්ව සිටි අතර 2017 වසරේදී FIFA පාපන්දු සම්මාන උළලේදී මෙම යුවල ප්‍රථම වරට සිය ප්‍රේම සම්බන්ධය ප්‍රසිද්ධ කළා. මොවුන් දෙදෙනා මුලින්ම මුණගැසී ඇත්තේ ගූචි (Gucci) සාප්පුවකදීය. ඒ වන විට ජෝර්ජිනා එහි වෙළඳ සහකාරිනියක් ලෙස සේවය කරමින් සිට ඇත. මේ වන විට ජෝර්ජිනා නිරූපිකාවක්, ව්‍යාපාරිකාවක් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරයි.  මෙම යුවල දරුවන් 5දෙනෙකුගේ දෙමාපියන් වන අතර ඉන් එක් දරුවෙකු රොනාල්ඩෝගේ පැරණි පෙම්වතියකගේ දරුවෙකි.


කෙසේ වෙතත් මේ වන විට මෙම යුවලට සමාජ මාධ්‍ය හරහා සුබ පැතුම් ගලා එමින් පවතින අතර ඔවුන්ගේ විවාහ මංගල්‍යය පිළිබඳව රසියන් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිනවා. 

සටහන - සුහංසි වීරසිංහ

 

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක් Read Previous

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක්

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Next

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

Realted Post

Leave a comment