ලොවක් ආකර්ෂණය කළ ඩයනා කුමරියගේ විලාසිතා
ඩයනා කුමරිය සිය ජීවිතයේ බොහෝ අංශවලින් ලෝකයේ අවධානය දිනාගත් කාන්තාවකි. සමාජ සේවා වෙනුවෙන් කැපවී කටයුතු කළ, ජනතාවගේ ආදරය දිනාගත් කුමරියක වූ ඇය, 1980 සහ 1990 දශකවල කාන්තා විලාසිතා ලෝකයේ සුවිශේෂී සලකුණක් තැබූ විලාසිතා නිරූපිකාවක් ද වූවාය.
මංගල ඇඳුම
ඩයනා කුමරියගේ මංගල ඇඳුම විලාසිතා ඉතිහාසයේ අමරණීය නිර්මාණයක් බවට පත්විය. එදා මෙදාතුර කාන්තාවන් රැසක් එම ඇඳුම අනුකරණය කර තිබේ. 1980 දශකයේ අතිශය උත්කර්ෂවත් විලාසිතා රටාව නිරූපණය කළ එම ඇඳුම දිගු පසුපස කොටසකින්, විශාල පෆ් අත්, සියුම් එම්බ්‍රොයිඩරි නිමාවකින් සහ මීටර් දහයකට ආසන්න දිගකින් යුත් වේලයකින් සමන්විත විය.
හිස්වැසුම් විලාසිතා
හිස්වැසුම් සහ විවිධ ආභරණ භාවිතයට ඩයනා කුමරිය විශේෂ කැමැත්තක් දැක්වූවාය. පිහාටු, දැල් රෙදි සහ විවිධ අලංකාර නිමාවන් සහිත හිස්වැසුම් ඇගේ විලාසිතා අතර කැපී පෙනුණි.
නිල් පැහැයේ අලංකාරය
තද නිල් පැහැයට, විශේෂයෙන් රෝයල් බ්ලූ සහ ක්ලයින් බ්ලූ වැනි වර්ණවලට ඩයනා කුමරිය දැක්වූයේ විශේෂ කැමැත්තකි. එම වර්ණ ඇගේ පෞරුෂයට තවත් අලංකාරයක් එක් කළේය.
1980 සහ 1990 දශකවල විලාසිතා ලෝකයේ නව ප්‍රවණතා නිර්මාණය කළ ඩයනා කුමරියගේ අමතක නොවන විලාසිතා රැසක් මෙම ඡායාරූප එකතුවෙන් දැකගත හැකිය.

Leave a comment