ලෝක වාසින්ට උන් හිටි තැන් නැති කල හැකි අයිස් කඳු...

ඇන්ටාක්ටිකාවේ ත්වේට්ස් ග්ලැසියරය, 

එය අප වසන ග්‍රහලෝකය වඩාත්ම අවදානමට දැමිය හැකි අයිස් ස්කන්ධ වලින් එකක්  ලෙස සැලකෙනවා. 

එය සම්පූර්ණයෙන්ම දිය වුවහොත් ගෝලීය මුහුදු මට්ටම අඩි දෙකකට වඩා ඉහළ නැංවීමට තරම් ජල කඳක් නිර්මාණය විය හැකි බව වාර්තා වනවා. 

එහි කඩා වැටීම මගින් අවට ග්ලැසියරද අස්ථාවර කළ හැකි අතර, අඩි 10 ක් දක්වා මුහුදු මට්ටම ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මණය කළ හැකියි. 

උණුසුම් වන සාගර ජලය නිසා ග්ලැසියරය පහළින් ඛාදනය කරමින්,දිය කරමින්,මෙන්ම එහි අයිස් රාක්ක(පද්ධතිය)බිඳ දමමින් මේ මොහොතේ පවතින  බව විද්‍යාඥයින් අනතුරු අඟවනවා. 

මෑත අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ අයිස් කඳු දියවීම පෙර තිබූ තත්ත්වයනට වඩා මේ වන විට වර්ධනය වී ඇති බවයි. 

උණුසුම් මුහුදු ජලය ගැඹුරු ඉරිතැලීම් වලට කාන්දු වෙමින්, ග්ලැසියරයේ "බිම් රේඛාව" දුර්වල කරමින් ලෝකය ස්වභාවික ව්‍යසනයක් කරා රැගෙන යමින් සිටිනවා. 

මෙම බිම් රේඛාව යම් සීමාවකින් ඔබ්බට පසුබැස ගිය පසු, ග්ලැසියරයේ බිඳවැටීම නතර කළ නොහැකි බව සඳහන්. 

ත්වේට්ස් අස්ථාවර වුවහොත්, ලොව පුරා වෙරළබඩ නගර විනාශකාරී ගංවතුරට මුහුණ දිය හැකියි. 

ඔව් ඒ තරම් විනාශයක් ඇතිවිය හැකියි. 

සටහන - කසුනි විජේසිංහ 

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Previous

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Next

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

Realted Post

Leave a comment