වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

උඩරට කඳුකරයේ වතුවල සිය ජීවීත කාලය පුරාම දහඩිය කඳුළු වගුරුවමින් අව්වට වැස්සට පීඩා විඳිමින් සීතලේ පීඩාවට ලක්වී,මෙරට ආර්ථිකයට මෙහෙවරක් කල, වතු කම්කරු ජනතාවට වසර  25 කට පසුව ජාතික ජන බලවේගය රජය යටතේ සිය පාරිතෝෂික දීමනාව ලබා දීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (10) පෙරවරුවේ වැවිලි සහ රාජ්‍ය වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ,කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය  සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී පලමු අදියරට ප්‍රතිලාභීන් 164ක්,ජනවසමේ  ප්‍රතිලාභීන්  87  ක් , ඇල්කඩුව වැවිලි සමාගමේ වතු කම්කරුවන්   52  ක් සඳහා මෙම පාරිතෝෂික මුදල් චෙක්පත් ගෙවීම සිදුකරන  ලදි,

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ මැදිහත් වීමෙන් මෙම වතු සේවක පාරිතෝෂික මුදල් ගෙවීම  සඳහා  2026 ,2027   වසරට  රුපියල් බිලියන  11ක  මුදලක් වෙන්කර ඇති බව කම්කරු  අමාත්‍ය  අනිල් ප්‍රනාන්දු මහතා ,මුදල් ගෙවීමේ උත්සව අවස්ථාවේදී ප්‍රකාශ  කළේය ,

කම්කරු දෙපාර්තමේන්තුව ,රාජ්‍ය වැවිලි සංස්ථාව ,ඇල්කඩුව වැවිලි සමාගම ,සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු වතුවල සේවය කල වතුකම්කරු ජනතාව සඳහා මෙම පාරිතෝෂික මුදල් ගෙවීම සිදුවූයේ වසර විසිපහකට පසුවය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ නිලධාරින් ,ජාතික ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ඊ එම් බස්නායක ,තූෂාරි ජයසිංහ ,රියාස් ෆාරුක්, මහනුවර දිස්ත්‍රික් ලේකම්    ,කම්කරු අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු සහ වතු කම්කරු  ජනතාව ඇතුලු පිරිසක් සහභාගි වූහ.

ජේ.ඒ.එල්. ජයසිංහ

 

සිහින ගමනාන්තය Read Previous

සිහින ගමනාන්තය

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment