වසරේ හොඳම කාන්තා පුවත්පත් සන්නාමය සිරිකත

වසරේ දැවැන්තම කාන්තා අභිෂේක මංගල්‍යය women's Legends Awards 2025 සම්මාන රාත්‍රිය පසුගියදා (27) තලවතුගොඩදී පැවැත්වුණා. 

ජනමාධ්‍ය, දේශපාලනය, කලාව , ව්‍යවසායකත්වය ඇතුළු මෙරට ක්ෂේත්‍ර ගණනාවකට නොමසුරු දායකත්වයක් ලබා දුන් කාන්තාවන් මෙහිදී ඇගයීමට පාත්‍ර වුණා.

මෙම සම්මාන රාත්‍රිය තුළදී මේ රට ජනප්‍රිය මෙන්ම විශිෂ්ට කාන්තාවන් රැසක් සම්මාන ලබා ගත්තා. 

women's Legends Awards 2025 සම්මාන රාත්‍රියේදී   සිරිකත පුවත්පත වසරේ  හොඳම කාන්තා පුවත්පත් සන්නාමයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසර ගණනාවක් පුරාවාට අපත් සමග රැඳී සිටි පාඨක ප්‍රජාවට අපගේ ස්තූතිය සහ ගෞරවය පිරිනමනවා. 

ඔබයි අපේ ශක්තිය...

සටහන - කසුනි විජේසිංහ 

 

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද? Read Previous

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද?

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Next

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

Realted Post

Leave a comment