වැඩිපුරම බාරගන්නෙ යාළුවන්ගේ නිර්මාණ

මෙවර රයිගම් සම්මාන උලෙළේ 2024 වසරේ විශිෂ්ට නම් සහාය රංගන ශිල්පියාට හිමි සම්මානය මෙවර හිමිවූයේ වියළි ටෙලි නාට්‍යයේ කරුණාපාලගේ චරිතය රඟ පෑ ප්‍රවීණ රංගධර සරත් කොතලාවලටය. මේ සටහන එය නිමිත්ත කර ගනිමින් අප ඔහු සමඟ කළ සංවාදයක් ඇසුරින් සැකසුනකි.

 

කොහොමද මේ දවස්වල ජීවිතය?

අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් කටයුතු කරගෙන යනවා ඒ වගේම අලුත් චිත්‍ර පටයක් සඳහා මූලික වැඩ කටයුතු වලට සම්බන්ධ වී සිටිනවා.

ඔබට ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි රංගන ශිල්පියෙකුට තමන් ඉන්න තැන ගැන ඇගයීමක් කරගන්න පුළුවන් ඒ වගේම තම නිර්මාණයෙන් දායකත්වය ලබාදුන් චරිතයක් වෙනුවෙන් සම්මානයක් ලැබීමත් භාග්‍යක්. 

රංගනය පමණක් වෘත්තිය කර ගනිමින් ජීවත් වන්න පුළුවන්ද?

පුළුවන් මනුෂ්‍යයෙක් අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා නම් ඕනෑම රැකියාවක් කරමින් ජිවත් වෙන්න පුළුවන් එවිට ජීවිතය සැහැල්ලුයි පහසුයි.

ඉදිරි වැඩ කටයුතු කොහොමද?

මගේ තිබෙන ලොකුම අරමුණ ලෝකයේ මිනිස්සුන්ට බලන්න හොඳ සිනමා පටයක් නිර්මාණය කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු කරමින් පවතිනවා. 

සටහන - ඉෂංකා ජයසූරිය

වැඩි වෙන රස්නෙන් ආරක්ෂා වෙන්න.. Read Previous

වැඩි වෙන රස්නෙන් ආරක්ෂා වෙන්න..

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Next

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

Realted Post

Leave a comment