වැඩ පහසු කර දෙන සතුරු තුමා

අද  බාල ,මහලු කා අතරත් නිතර ගැවසෙන සමීපතම යා ඔබේ ස්මාර්ට්  දුරකථනයයි.ලෝකයේ ම තොරතුරු ක්ෂණයෙන් ඔබට දෙන දුරකථනය දිර්ඝ කාලීන ලෙස ඔබේ ජීවිතය ට උවදුරු ගෙන එයි.

වැඩ පහසු කර දෙන ඔබේ දුරකථනයේ ඇති තාක්ෂණය, අසීමිත තොරතුරු,ක්ෂණික බව, ඔබව විවිධාකාර  පෙළඹවීම් සඳහා දිරි ගන්වයි.

නව මිතුරන් ගොඩ නගා ගැනීමට, ස්වයං අධ්‍යයනයට , භාෂාවන් ඉගෙන ගැනීමට,ලෝකය පුරා සිදු වීම් පිළිබඳ ඉක්මනින් දැනුවත් වීමට අසීමිත  යෙදවුම් ප්‍රමාණයක් ඔබට දුරකථනය හරහා  හමුවේ.

එසේ සෑම කාර්ය්‍යක්ම  පහසු කර දෙන දුරකථනය ඔබේ දෛනික ජීවිතයට යහපත්  සේම අයහපත් ලෙස බලපාන බව දැනුවත් ද?

අද ලෝක ජන ගහනයෙන්  70%ක අධික පිරිසක් මේ මොහොත වන විට සමාජ ජාලා භාවිතා කරයි.

එයින් තමාගේ ජීවිත අභිවෘද්ධිය උදෙසා දුරකථනය හා සමාජ මාධ්‍ය යොදා ගන්නේ ඉතා සුළු පිරිසක් බවත් ස්මාර්ට් දුරකථනය හා සමාජ මාධ්‍ය තුළ අහේතුකව කාලය ගත කරන තරුණ පිරිස ක්‍රමයෙන් වැඩි වන බවත්  පර්යේෂණයන් පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන අරමුණු, පෞද්ගලික අරමුණු, සබඳතා අරමණු ඔවුන්ගේ ජීවිතයෙන් ඈත්ව යන්නට පටන් ගෙන ඇත.

ඒ නිසාම හුදෙකලා වීම නිසා  ආතතිය ට පත් ව සිටින පිරිස සමාජය තුළ වැඩි වෙමින් පවතී.

 

Facebook,You Tube, what's app , Instagram , ආදී ලොව පුරා ජනප්‍රිය සමාජ ජාලා තුළ ඔබේ තොරතුරු, ඡායාරූප, විඩීයෝ දර්ශන හුවමාරු කර ගනිමින් ඩිජිටල් ලෝකය තුළ වේගවත් සම්බන්ධතා සහ ආකර්ශනීය ලෝකයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කරන ඔබ ඔබේ සෑබෑ ජීවීත අරමුණු මඟ හැර ගනියි.

 

ජනප්‍රිය රැළි මත ගොඩ නැගෙන විලාසිතා වන්, ආහාර පාන, සේවාවන් වලට හුරු වීම ඔබේ කායික යහ පැවැත්ම අවදානමේ හෙළීමකි.

දුරකථනය හා සමාජ මාධ්‍ය හරහා නිම වන ලද අලංකාර ලෝකය තුළ අවධානයෙන් කටයුතු නොකිරීම ඔබව  හැඩ ගන්වන ලද අයහපත් දේ තුළ ජීවත් කරවයි.

එනිසාම අනවශ්‍ය ලෙස දුරකථනයේ ඇති   සමාජ මාධ්‍යන් හී කාලය ගත කිරීම සෑබෑ ලෝකය තුළ ඔබට  අහිමි කරන සතුට අති විශාල ය.

BBC සටහන් ඇසුරෙන් උපුටා ගන්නා ලදී.

සටහන -දුල්ෂරා මධුවන්ති 

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment