විවාහ නොවී අම්මා සමග සිටීම මගෙ වාසනාව

අම්මා ගැන කියන නිරෝෂා පෙරේරා. "ඉපදිලා ඇස් ඇරපු මුල්ම වෙලාවේ අම්මගේ මුණ දිහා බලලයි අපේ ජීවිතය ආරම්භ කළේ. ඒ විදියට ආරම්භ කරපු ජීවිතය අද වෙන තුරුත් ඇයගේ මායිමෙන් එපිටට නොයා තිබීම මම ලැබූ භාග්‍යයක්. 

ඇය තමන්ගේ අම්මා ගැන පැවසුවේ එලෙසයි. නමින් ඇය නිරෝෂා පෙරේරා. ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්, නිවේදිකාවක් හා රංගන ශිල්පිනියක් වන ඇය තමන්ගේ මවට පණ මෙන් ආදරය කරයි. ගැහැනු දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ දෙටු දියණිය වන ඇය තවමත් ඇගේ මව සමග ජීවිතය ගතකරයි. 

මගේ අම්මා ගොඩක් ශක්තිමත් කාන්තාවක්. ඒ බව අපිට හොඳටම දැනුණේ තාත්තා නැතිවුණු මොහොතේ අම්මා කොයි තරම් නිවසේ වැඩ කටයුතු කරලා මහන්සි වෙලා හිටියත් ඒ මුණේ කවදාවත් හිනාව නැති වුණේ නැහැ ඒ දවස්වල මම හිතුවේ මමත් අම්මා වගේම හවුස් වයිෆ් ‍කෙනෙක් වෙනවා කියලා දැන් නම් එහෙම අදහසක් නැහැ.

මුලදී අම්මා මගේ රංගන දිවියට කැමති වුණේ නැහැ. ඒකට හේතුව මගේ අධ්‍යාපනය අතරමග නවතීවි කියා. ඒත් දැන් මම ඉන්න තැන ගැන අම්මා සතුටු වෙනවා. අම්මා හැමදාමත් අපිට සුවපහසු ජිවිතයක් ලබා දුන්නා. කිසිම දෙයකින් අඩු පාඩුවක් තිබුණේ නැහැ. අධ්‍යාපනය කෑම බීම ඇඳුම් පැලඳුම් සතුට සමාදානය අපේ සිනහව මේ හැම දෙයක්ම අම්මයි තාත්තයි දෙන්නම අපිට ලබා දුන්නා. අපේ ළමා කාලය සුන්දරව ගත කරපු නිසා අදටත් අපේ ජීවිත සුන්දරයි.

විවාහ නොවී අම්මා සමඟ සිටීම දැන් අපිට අවශ්‍ය මගේ වාසනාවක් ආකාරයට අම්මත් සමඟ සතුටින් කාලය ගත කරනවා. අම්මා අපිට ලබාදුන් ඒ සුව පහසු ජීවිතය ඒ ආකාරයෙන්ම අපි අම්මට ලබා දෙනවා. අම්මත් අපි කොහේ හරි යනවා නම් අම්මගේ බෑග් එක වාහනේ එ කෙනෙක් ගන්නවා ඉන්දවන්න එක්කෙනයි පඩි පෙළින් පහළට බැහැගෙන එන විට ඒ ඉස්සරහින් යන්න එක්කෙනයි. ඒ තරමටම අපි අම්මව පරිස්සම් කරනවා. අම්මා අදටත් පිරිසුදුව පිළිවෙළට ඉන්නවා. අදටත් අපේ කටයුතු නිමවී කීයට ගෙදර ආවත් අපි එනකම් ඇහැරගෙන බලාගෙන ඉන්නවා. අපි හතර දෙනාගෙන් ලොකු අක්කා විවාහ වී වෙනම පදිංචි වී සිටිනවා. දැනට අම්මත් සමග අපි තුන්දෙනා ජීවත් වෙනවා. අම්මගේ මුළු ලෝකෙම අපි. ඒ ලෝකෙන් එහා දෙයක් අම්මට තිබුණෙ නැහැ. අදටත් එහෙමයි.

සටහන - ඉෂංකා ජයසූරිය

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Next

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

Realted Post

Leave a comment