විවාහ වුණු කාන්තාවට අලුතින් හිතන්න ජීවිතය අලුතින් පටන් ගන්න සිරිකත අපෙන් නැවුම් පණිවිඩයක්

 

හොඳින් පවුල් කන්න නම් ඉවසන කාන්තාවක් වෙන්න. 


ඉවසීම අද වෙද්දි අහන්න ලැබෙන දුර්ලභම වචනයක් කිව්වොත් හරි නේද විශේෂයෙන් ආදරය කරද්දි ආදරය ලබද්දි ඉවසීම බොහෝමයි. 

නමුත් ආදරය කරලා විවාහ වෙලා දින සති ගණන් ටිකෙන් ටික ගෙවිලා යද්දි බැඳපු අලුත නම් කිරියි පැණියි  වගේ හැබැයි ඉතින් බැඳලා මාස හය හත යද්දි ඔන්න ඉතින් හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ මෙයාට පුංචි දෙයක් ඇති රණ්ඩුවට එනවා අද කෑම හරි නැහැ කියලා එහෙම නැත්නම් කාමරය හැඩ් කරලා ගන්න දෙයක් නැහැ බඩු ගත්ත ගත්ත තැනමයි ඔයා වැඩට ගිහින් එන්න පරක්කු උනේ ඔපිස් එකේ කොයි කෙල්ල එක්කද කතා කර කර හිටියේ. මේ වගේ පුංචි පුංචි රණ්ඩු අන්තිමට  ඉවහල් ජීවිතයේ දෙදරා අතහැරී  දන්නැතුවම උසාවි ගානේ රස්තියාදු වෙන මට්ටමට ඇවිල්ල නේද. ආදරය  පටන් ගත්ත කාලෙ තිබුණු ඉවසීම බැන්දහම පස්සේ පෑල දොරෙන් ඔබටත් හොරෙන්ම පැනලා ගිහින් නේද . අපේ පැරැන්නෝ නම් කියනවා ඉතින් ඕකට ලස්සන උපහරණයක්. 

අශ්වයා ගියහම ස්ථාලය වහල වැඩක් නැහැනේ කියලා. අශ්වයා යන්න කලින් තමයි රැකගන්න ඕනි. 
ඒ වගේ තමයි පළමු ආදරය බැඳීම ඒ විදිහටම මැරෙන තූරාම විවාහ ජීවිතය තුළත් අලුත් වෙවී තියාගන්න නම් ඉවසීම ගුණයන් සම්පූර්ණ කළ යුතුයි. අපි කියන්නේ නැහැ කාන්තාව විතරයි මේ දේ කරන්න ඕනි කියලා. 
නමුත් ඔයා චුට්ටක් හිතලා බලන්නකෝ දවසකට පැයක් විනාඩියක් ඉවසලා බලන්න කොතරම් ප්‍රශ්නය නිවුණද කියලා.

පවුල් ජීවිතයේ නියමුවරිය ඔබයි. ඒ වගේම පවුලේ සාමය, සතුට, සෞභාග්‍ය, දියුණුවේ කැඩපතත් ඔබයි. 
පවුල තුළ ඉවසනවා කියන්නේ ඇයට ආභරණයක්. 

ඇගේ මේ ඉවසීම රසම රස මායාවක් පවුල් ජීවිතේ ගත කරන්න යද්දි හමුවන සුන්දරම මායාවක්. 

විවාහ ජීවිතයේ පවුලකටඑකතු වෙන්නේ වෙනස්ම දෙන්නෙක්. සමහර ජෝතිෂ්‍යවේදීන් කියනවා නේද ඔයාල දෙන්නාට දෙන්නා තමයි මැවුම්කාරයා මවලා තියෙන්නේ එහෙම නැත්නම් සංසාර බැඳීමකට තමයි ඔයාලා දෙන්නම මේ ආත්මෙත් හම්බෙලා තියෙන්නේ. ඒ වගේ අමරණීය සදාතනික ප්‍රාර්ථනා මල් පැළ ගැන්වෙන සිහින ප්‍රාර්ථනා නම් මේ සැබෑ ජීවිතයේ කවදාවත් වෙලා නැහැ. ඒ නිසා එවැනි සිහින ලෝකවල් වල ජීවත් වෙලා පවුල් කන්න හිතන්නවත් එපා. 

පවුල් කද්දී ගඟක් වගේ බාධක එනවා නමුත් ගඟ ලස්සනට ගලාගෙන යනවා වගේ පවුල් ජීවිතෙත් ගැටීම් ප්‍රශ්න එනවා. ඒවා හමුවේ විශේෂයෙන් කාන්තාවක් ඉවසීමෙන් ඒ ප්‍රශ්නවලට සාර්ථක මුහුණ දෙනවා කියන්නේ ඔබයි ඔබේ පවුලයි දිනලා ඉවරයි කියන දෙයයි. 

ඒ පවුලට ආයි පෙරේතයෝ කුම්භාණ්ඩයො යන මේ මොකෙක්වත් ආයි බැල්ම හෙලන්නැති වෙනවා.

ඔබ දන්නවාද බිරිඳකගේ නිහඬ බව කියන්නේ පවුලේ යහපත බව. විශේෂයෙන් ඔබ විවාහ වී දරුවන් ලැබී  මාතෘත්වයට පත් වූ පසු ඔබ දෙස බලා ඔබේ දරුවන් අනාගතය හැඩගස්වා ගන්නේ. එයාලා හැම තැනම ඔබ ගැන කියන්නේ මෙන්න මේ ආඩම්බර විදිහටයි. අපේ තාත්තා නම් චුට්ටක් විතර කෑගහනවා ඒත් අම්මා හරිම කරුණාවන්තයි. මාර විදිහට ඉවසන්නේ අනේ අපිත් ආසයි අපේ අම්මා වගේ වෙන්න. ඔබ ඉවසනවා කියන්නේ ඒ ඉවසීමෙන් ලබාගත් අග්‍රඵලය එයයි. 

ඒ වගේම ඔබ ලෙඩක් නොවී බෙහෙත් අහුරක් බොන කාන්තාවක් නොවේ ඉන්න පුළුවන් වෙනවා. සමාජය තුළ කැපී පෙනෙන ප්‍රියමනාප චරිතවත්, ආදර්ශමත් කාන්තාවක් වීමටද හැකි වෙනවා. 

ජීවිතයේ අභියෝග හමුවේ නුවණැසින් පවුල් ජීවිතය ජය ගන්න උත්සාහ ගන්න. 

ඔබ වැනි කාන්තාවන්ට මෙම කාන්තා දිනයේ අභිමානවත් ලෙස ඉදිරියට යන්න සිරිකත අපෙන් ගෙන ආ සුන්දර මල් පලදනාවක් තමයි මේ පණිවිඩය. 

 

උපදෙස් 

ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශන ආචාර්ය භාග්‍යා අබේසිංහ.

 

සටහන 

මහේෂානි මීගහපොල

 

 

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment