සත්තු කියන්නෙ සත්තු; මිනිස්සු දැනගන්න අවශ්‍යයි ප්‍රවේසම් වෙන්න’’

ඕෂන් වර්ල්ඩ් කියන මුහුදු සත්ව රැගුම් මධ්‍යස්ථානයක, තල්මසුන් පුහුණු කරවීමේ වගේම විනෝදාස්වාදයට තල්මසුන් එක්ක කරන එක එක සෙල්ලම් (හරියට අපේ zoo එකේ අලි නැටුම් වගේ)  පුහුණුකාරියක් තමා මාරිස් එලින්ටන් කියන්නේ. 

සාගර ජීවීන් සමඟ මාරිස්ගේ තිබ්බ අසාමාන්‍ය බැඳීම වගේම ඔවුන්ගේ යහපැවැත්ම සඳහා ඇයගේ කැපවීම අන්තිමට අවසන් වුනේ දරුණු ඛේදවාචකයකින්. 

මාරිස් පුහුණු කරපු දැවැන්ත තල්මහෙක් (ඔර්කාවෙක්) වෙච්ච කයිරෝ එක්ක , සුපුරුදු විදියට එදා ශෝ එක කරන්න සාමාන්‍ය රංගනයක ඇය නිරත වුනා. නමුත් සියල්ල වෙනස් වෙන්න තප්පර ගාණයි ගියේ.

අවසානයෙ ඇය පුහුණු කරපු සත්වයා අතින්ම ඈට අවසන් ගමන් යන්න වුණේ මාරිස්ට මේ තල්මසා කරපු ඉතා බිහිසුණු පහර දීමක් හින්දා. සිද්දිය ඇසින් දුටු මිනිස්සු මාධ්‍යට කරුණු ඉදිරිපත් කරලා තිබ්බා.

“Neptune surged forward with terrifying speed slamming into Maris and pulling her under as the crowd erupted in panicked screams.”  

"ඉතාම වේගෙන් මාරිස් දිහාවට ආපු ඌ මාරිස්ව වතුර යටටම ඇදගෙන ගියා.මිනිස්සු හැමෝම කෑ ගැහුවා"

ඉතාම කණගාටුදායකව අවසන් වෙච්ච මේ සිදුවීම ඇත්තටම සාගර ජීවීන්ගෙ වහල්භාවයේ අඳුරු පැත්ත ගැන වගේම පුහුණුකරුවන් මුහුණ දෙන අන්තරායන් පිළිබඳව දිග හැරුණු කම්පන සහගත සිදුවීම් වල සාක්ශියක් වුණා. 

මෙම හද කම්පා කරවන සිදුවීම විනෝදාස්වාදය සඳහා සාගර ජීවීන් භාවිතා කිරීමේ ආචාර ධර්ම ගැන වගේම මිනිසුන් සහ මෙම තේජාන්විත ජීවීන් අතර විශ්වාසය බිඳී ගිය විට පැන නගින අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ තීරණාත්මක සංවාදයක් ඇති කරන්න සමත් වුණා.

මාරිස් එලින්ටන්ගේ කතාව ඛේදවාචකයක් පමණක් නෙමෙයි. 

ඒක ඇත්තටම වහල්භාවයේ සිටින සාගර ජීවීන්ට අප සලකන ආකාරය වෙනස් කිරීම සඳහා උත්ප්‍රේරකයක් පවා වෙච්ච බව තමා සදහන් වෙන්නෙ.

ඉතින් මේක ඉතාම සාර්ථක ඩොකොයුමෙන්ට්‍රි එකක් විදියට තමා පබ්ලිශ් වෙලා තියෙනේ. 

ඇතැම් තැන් වල මේක සත්‍ය සිදුවීමක් නෙමෙයි කියලත් සදහන් කරනවා. 

කොහොම නමුත් මේ ඩොකොයුමන්ට්‍රි එක ඇතුලෙ වෙන කතාව වගේම ඉතා අවාසනාවන්ත සිද්දීන් ඇත්තටම සිද්ද වෙලා තියෙනවා.

Real-life, documented fatalities involving orcas in captivity include:

Dawn Brancheau at SeaWorld (killed in 2010)  ,

Alexis Martínez in Tenerife (killed in 2009)  .

අවසානයේ කියන්න වෙන්නෙ " සත්තු කියන්නෙ සත්තු. මිනිස්සු දැනගන්න අවශ්‍යයි ප්‍රවේසම් වෙන්න" 

සටහන - කසුනි විජේසිංහ

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Next

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

Realted Post

Leave a comment