සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

විශාකා සිටු දියණියගෙ පැවති ඉහළ කළමනාකරණය අදටත් සැමට ආදර්ශවත්ය.. 

මුලින්ම සිය පියා විශාකාවට ලබා දුන් අවවාද ගැන බලමු. 

01   ''අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ'' - ඇතුළත ගිනි පිටතට ගෙන නොයන්න. (තමන් ගේ ස්වාමියා ගේ අගුණ සහ සිය නිවසේ ගැටලූ ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න.)

02 ''බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ'' – පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න. (තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න.)

03 ''යේ දදන්ති තේසං යේව දාතබ්බං'' – දෙන අයට ම දෙන්න. (නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න.)

04 ''යේ න දෙන්ති, තේසං න දාතබ්බං'' - නො දෙන අයට නො දෙන්න. (නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නො දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට ඒවා දීමෙන් වළකින්න.)

05 ''දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බං'' – දෙන අයටත් නො දෙන අයටත් දෙන්න. (දිළිදු වූ යම් කිසිවෙක් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ඔහු ආපසු දුන්නා හෝ නො දුන්නා හෝ දන් දෙන්න.)

06 ''සුඛං නිසීදිතබ්බං'' – සුවසේ හිඳගන්න. (සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අය නැගිටිය යුතු තැන් වල හිඳගෙන සිටීමෙන් වළකින්න.)

07 ''සුඛං භුඤ්ජිතබ්බං'' – සුවසේ අනුභව කරන්න. (සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුලූ වැඩිහිටි අයට ප්‍රථමයෙන් කෑම ගැනීමෙන් වළකින්න. ඒ අයට ආහාර පානාදිය සපයා ඒ කටයුතු සොයා බලා ඉන්පසු ව ආහාර ගන්න.)

08 ''සුඛං නිපජ්ජිතබ්බං'' – සුවසේ සැතපෙන්න. (සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ප‍්‍රථමයෙන් නිදා ගැනීමෙන් වළකින්න. ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගන්න.)

09 ''අග්ගි පරිචරිතබ්බෝ'' – ගිනි පුදන්න. (සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ත් ගෞරව බුහුමන් දක්වන්න.)

10 ''අන්තෝ දේවතා නමස්සිතබ්බා'' – ඇතුළත දෙවිවරුන් හට පුද සත්කාර කරන්න. (සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු පවුලේ වැඩිහිටි අයට ත් දෙවියන් සේ සළකා පුද සත්කාර කරන්න.)

මේ සියලු අවවාද එක ලෙසට ඇය පිළිපැදි බව සඳහන්. 

විශාකා මහා උපාසිකාව පැලඳ සිටි මහා මේල පළඳනාව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි ලොව වටිනාම විසිතුරුම කාන්තා පලඳනාව ලෙසට.  මෙහි විස්තරවලින්ද එහි කළමනාකරණය ද කෙතරම් ඉහළ අගයක තිබුණාද යන්න පැහැදිලිය. 

ඇයගේ පියා වන ධනංජය සිටුවරයා ඇයට විවාහ මංගල්‍යය වෙනුවෙන් තෑගි කළ මෙම මහා මේල පළඳනාව, එකල පැවැති මුදල් ඒකක අනුව කෝටි නවයක්. රන්, රිදී, මුතු, මැණික් සහ පබළු යන පංච කල්‍යාණයන්ගෙන් සමන්විතව නිර්මාණය වූවක්.  මෙය නිර්මාණයට දක්ෂ නිර්මාණ කරුවන් පන්සියයක් දෙනෙකුට මාස හතරක් ගතවු  බවත් විශාකාව ඇවිදින විට මෙම පළඳනාවෙන් දිව්‍යමය සංගීතයක් වැනි මිහිරි හඬක් නිකුත් වන බවත් පැවසෙනවා. ඉතා බර පළඳනාවක් වූ අතර, එය පැළඳීමට තරම් 
ශක්තියක් තිබුණේ ඇයට පමණි. ඒ අනුව පැවසෙන්නෙ විශාකාවට ඇතුන් පස් දෙනෙකුගේ කාය ශක්තිය තිබූ බව. 

දිනක් විශාකාව දෙව්‍රමට ගිය විට මෙම පළඳනාව අමතක වී දමා පැමිණ පසුව එය විකුණා 
 එම මුදලින් බුදුන් වෙනුවෙන් "මිගාරමාතු ප්‍රාසාදය" නමින් පූර්වාරාමයක් ඉදි කර පූජා කර තිබේ. 

එවැනිම විශාකාවට ළමයි 11ක්. සැමියාගේ සියලු වැඩ ඇගේ දෑතින්ම කළ බවත් තම පියාවත් ආදරයෙන් බලාගත් විශාකාව දායාබර බිරිඳක්, ආදරඣීය මවක්, දියණියක් ලෙසින් සියලු කරයුතුවලට කැප වෙද්දී  හමදාම පංසලට ගිය බවත් ඉතිහාසයේ සඳහන්. 

වත්මනේ බොහෝ පවුල්වල සිටින්නේ සමාජිකයන් තිදෙනෙකි. එයද නිසි කළමනාකරණයක් කරගත නොහැකි සංකීර්ණ සමාජයක අතමංව සිටින වත්මන් සමාජයට ඇයගේ ජිවිතය මනා ආදර්ශයකි. 
බුද්ධ දර්ශනයට අනුව ලද දෙයින් අතුටු වීම, 
නසි කාල කළමනාකරණයට සහ ජිවිතය සැනසීමෙන් ගෙවීමට දර්ශයක් ලෙසට ගත හැකියි.

 වත්මන් සමාජයේ පවතින්නෙ සෑම දේකටම දැඩි තඟයකි. තරඟකාරී බව හොඳය. ඉලක්ක සපුරා ගැනීම ගැන බුදු රජාණන් වහන්සේ සිය දේශනාවල මනාව සඳහන් කර ඇත. මී කුණක් විකුණා ධනවතෙකු වූ සිටුවරයෙක් ගැන ඉතිහාස කතාවල පැවසේ. 

මෙතැනදී අප කළ යුත්තේ තන්හාවෙ දාසයෙන්, වහලුන් නොවීමය. අරමුණුවලට ගැටළු බාධක උද්ගත වන්නේ ඒ නිසාය.

ඉතිං ලද දෙයින් සෑහිමට පත් වීමෙන් ඇතිවන විශමතා අවම වේ. ලද දෙයින් සැනසෙන්න. 

  • අශන්ති වරුණසූරිය

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Previous

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි Read Next

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

Realted Post

Leave a comment