සිරිකතක වග
දශක හතරක් යුග දෙකක් පැමිණි ගමන් මඟක වසර හතළිස් පහක් සපිරෙන මොහොත කියන්නෙ වඩාත් පරිණත අවදියක්...
සිරිකත ආරම්භ වෙන්නෙ, ඇනලොග් යුගයක වුණත් සිරිකතට පාඨක ප්‍රතිචාර ලබමින් ඩිජිටල් යුගය දක්වා සාර්ථක පත්තර කලාවක ගමනක් එන්න හැකිවෙනවා.
වරින් වර සමගාමී කාන්තා පුවත්පත් බිහිවුණත් ඒ කිසිවක් අභියෝග බවට පත් වුණේ නෑ..
දශකයෙන් දශකය ලෝකයේ වෙනස්වීම්, සමාජ වෙනස්වීම්, සමාජ කියවීම්හි ගොඩනැගුණු නව සංකල්ප මේ සියල්ල කාන්තාවන්ගේ හෙට දවස වෙනුවෙන් සිරිකත ලිපි අතර දිගහැරුණා.
ඒ නිසාම තමන්ගේ ජිවිතය අලුත් කරගන්න වුවමනාවක්, ආශාවක් තිබුණු ලාංකීය කාන්තාව සිරිකත වටා රොක් වුණා. තමන්ගේ කියවීමට නැතිවම බැරි කාන්තා පත්තරය බවට සිරිකත සලකුණු කර ගත්තා.
දැන් සිරිකත ජනප්‍රිය කාන්තා පුවත්පතක් ලෙස ඩිජිටල් යුගයෙත් වෙළඳපොළට එන්නෙ ඒ වසර 45 පුරා පාඨකයින්ගේ හදවත තුළ බැඳුණු ආදරය නිසාමයි.
අද සිරිකත පෙර නොවූ ආකාරයේ නූතන අවකාශයට සහ නුතන කියවන්නා ගේ රුචිකත්වයට හරියන ලිපි රැගෙන ඒමට සුදානම්.
එතනදී සියලූම කාන්තාවන් වෙනුවෙන් මෙන්ම පිරිමින්ද, දරුවන් ද, ලිංගික සුළුතර ප්‍රජාවන් වෙනුවෙන්ද සිරිකත දිග හැරෙන්න සූදානම්.
ඇතැම් ඒවා පැවති ලිපිවල වෙනස් මානයන් සහිත ලිපි. සමහර ඒවා මුළුමනින්ම කාලෝචිතව වෙනස් වී ඇත. පසුගිය වසරේ වෙනස් වූ සිරිකත මුහුණුවර මේ වසරේ තවත් අලුත් වෙමින්, වෙනස් වෙමින් නැවුම් ගමනක...
පුවත්පත මෙන්ම ඊ පුවත්පතත්, වෙබ් අඩවියත්, සිරිකත සමාජ මාධ්‍ය ජාලයත් ඔබට සැබැඳිව, ආදරණීයව පෙරට..
මේ සියල්ල එක්කාසුව සිරිකත කියවන ඔබේ දැනුමට වින්දනයට එකතු කරන්න අපි සුදානම්.
වසර 45 පුරා රැඳි සිටි සිරිකත ආදරණීය පාඨක ඔබ, තව සියවසක් සිරිකත හා රැඳි සිටීමයි අපේ එකම අපේකෂාව සහ ආදරය..
අප ආ මාවතේ නැගීම් වගේම බැසීම් තිබුණා. සියල්ලෙන්ම ලද අත්දැකීම් තුළින් අපි යන ගමන ව්ශ්වාසයෙන් තේරුම්ගෙන සැමදා රැඳී සිටි ඔබට අපේ ගෞරවණීය උත්මාචාරය.
ඒවගේම මෙතෙක් ආ ගමනට අපගේ ශක්තිය වූ ආදරණීය පාඨක ඔබට අපේ ආදරණීය ස්තූතිය ..
නිති දැනුමෙන් පෝෂණය වූ සිරිය සපිරි කාන්තාවන් බිහි කරනු වස් සතියෙන් සතිය, වසරින් වසර, වෙනස් වෙමින් අලුත් වෙමින්, එකිනෙකාට ගරු කරමින් අපි යන මේ ගමනේදී, හෙටත් ඉදිරියටත් අප මුණ ගැසිය යුතුයි. ඊට නෙතට පේන, සිතට දැනෙන ඔබගේ අදහස් අප ගමන පෝෂණය කරන්නක් නිසා ඔබ අප එක පවුලක් විලස ගෙන ගුණ දොස් දන්වන්න අමතක කරන්නත් එපා.
ගන්න... කියවන්න ... දිනන්න "සිරිකත"
Leave a comment