ආත්මය ශරීරයෙන් වෙන් වෙලා යනවා වගේ දැනුනා

ඇය ලොවක් දිනූ කාන්තාවක්. 2020 වර්ෂයේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලඳියේ ඇයයි. නොයෙකුත් අභියෝග බාධක මැද ඇයගේ ක්ෂේත්‍රයෙන් ඉහළට ආ ඇය ආදරණීය බිරිඳක් සහ මවක් ද වන්නීය. ඇය කැරොලයින් ජූරි,

 

ජීවිතයේ හොඳම කාලය විදියට ඇය සඳහන් කළේ; 
"මට ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිවුණු දවස ලංකාවට කීර්තියක් ගෙන දෙමින් ජාතික මට්ටමේ Title එකක් ලබාගන්න පුළුවන් වෙයි කියා මම කවදාවත් හිතුවෙ නැහැ." යනුවෙනි.

ඇය ඇගේ අත්දැකීම් අපත් සමග බෙදා ගැනීමේදී ප්‍රකාශ කරන ලද්දේ; 
කුඩා අවධියේ මගේ මවුපියන්ගෙන් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මගේ ආගමට අනුව බයිබලයෙන් ද ගොඩක් දේවල් ඉගෙන ගත් බවයි.

ජීවිතයේ පසුතැවුණු දවසක්  පිළිබඳව ඇය සඳහන් කරන ලද්දේ, මෙලෙසයි...

"පාසල් යන කාලයේ මගේ එකම හීනය වෙලා තිබුණෙ ජාතික නෙට්බෝල් කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමයි. ඒ කාලයේ මම SL නැෂනල් ක්ලබ් එකට තේරුණා නමුත් ජාතික කණ්ඩායමට තෝර ගන්නා අවස්ථාවේදී මට ඩෙංගු රෝගය වැලඳුණා. ඒ වෙලාවෙ මට ගොඩක් අමාරු වුණා, වෛද්‍යවරු කිව්වා මට මේ වෙලාවෙ ක්‍රීඩා කරන්න බැහැ කියලා ඒ අවස්ථාවෙ මම ගොඩක් පසුතැවුණා. ඒ වගේම මගේ තරුණ කාලයේ දවසක් මම සියදිවි නසා ගන්න හැදුවා. ඒ ගැනත් මම අද පසුතැවෙනවා."

ඇය පැමිණි ගමන් මග පිළිබදව ඔහු මෙලෙසින් අදහස් පළ කළා. 

"මට ඩෙංගු රෝගය වැලඳුණු අවස්ථාවේ මගේ බ්ලඩ් කවුන්ට් එක හොඳටම පහළ ගියා. ඒ අවස්ථාවේ මම ප්‍රතිකාර ලබමින් සිටියේ අසාධ්‍ය රෝගීන් සිටින වාට්ටුවක මම හැමදාම දකිනවා ලෙඩ්ඩු ගේනවා මැරෙනවා එක දවසක් මළ සිරුරක් මගේ ඉදිරියේ තිබුණා. එදා මම ගොඩක් බයෙන් හිටියේ. ඒ වගේම අන්තිමට අන්තිමට මගේ ලේ ළා රෝස පාටයි. වෛද්‍යවරු හිතුවේ මම මැරෙයි කියලා එක දවසක් මට දැනුණා මගේ අතපය ගල්වෙලා මගේ ආත්මය ශරීරයෙන් වෙන්වෙලා යනවා වගේ නමුත් දවසට දෙකකට පසුව මට හොඳටම සුවවෙලා ගෙදරත් එන්න පුළුවන් වුණා. එදා වෛද්‍යවරු අම්මටයි තාත්තටයි කිව්වා අපි හිතුවේ නැහැ ඔයාගේ දුව බේරෙයි කියල. එදා මට මගේ ජීවිතය ගැන ගොඩාක් බය හිතුණා....

 

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Previous

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Next

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

Realted Post

Leave a comment