වාණිජ අංශයේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ජනිත් දේශාන් විමුක්ති බණ්ඩාරට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගැනිමට මාතලේ සාන්ත තෝමස් විදුහලේ ජනිත් දේශාන් විමුක්ති බණ්ඩාර සිසුවා  සමත් වී තිබෙනවා. 

මාතලේ සාන්ත තෝමස් විදුහලෙන්  උසස් පෙළ හැදැරු ඔහු  වාණිජ අංශයෙන් ඉදිරිපත්ව ආර්ථික විද්‍යාව,ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය යන විෂයන් තුනට ඒ සාමාර්ථ ලබා ගෙන ඇති අතර ඔහු ලබා ගෙන ඇති  ඉසඩ්ස්කොර් අගය 2.2832 ක් වන අතර මුලු දිවයිනෙන්ම ලබා ගෙන 25 ස්ථානයට පත්ව සිටියි.

මාතලේ කටුදෙණිය දුඹූකොළ ප්‍රදේශයේ පදිංචි ජනිත්ගේ  මව  ශ්‍රියානි රණසිංහ වන අතර ඇය පෝසිලෙන් අයාතනයේ සේවය කර විශ්‍රාම ලබා සිටින අතර පියා හමුදා නිලධෘරියෙකු වන අතර   වන අතර පියා එච්.එම් ඩඩ්සන්  යන අයවේ.

අධ්‍යාපන කටයුතු වලට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලට දක්ෂකම් දක්වමින් විද්‍යාලයේ විවිධ කටයුතු සදහා සහය වෙමින් කටයුතු කළ ශිෂයෙකි.

තම ජයග්‍රහණය ගැන ජනිත් මෙසේ පැවසුවා... 

මම මුලින් පාසල් ගියේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයට ඉන් පසුව සාමන්‍ය පෙළ සමත්ව සාන්ත තෝමස් විදුහලට ගියා  මේ ජයග්‍රහණය ලබා ගන්න මම කාලය කලමණාකරණය කරගනිමින් වැඩ කලා. කාල සටහනක් සකස් කරගෙන පාඩම් කළා. විශ්ව විද්‍යාලට යැමේ බලාපොරොත්තුවක් හිතේ තිබුණා. ඒ අද සැබැ වෙලා තියනවා. මගේ අම්මා තාත්තගේ සහඅනෙක් අයගෙන්   මට විශාල ශක්තියක් වුණා. ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුලු සියලුම ආචාර්ය මණ්ඩලය මේ අවස්ථාවේදි කෘතවේදිව සිහිපත් කරනවා. මට  හැමෝම විශාල ලෙස උදව් කළා. අධ්‍යෘපන කටයුතු කරගන යැමේදි පාසලෙන් ලැබුණු සහය කියලා නිම කරන්න බැහැ. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා අනාගතයේදි ගණකාධිකාරිවරයෙක්  විමයි මගේ බලාපොරොත්තුව යැයිද ඔහු සතුටින් පැවසසිය.

ඡායාරුප
ජනිත් දේශාන්

මාතලේ මහේෂ් කිර්තිරත්න 

සූර්යාට ආදර Vacancy තියෙනවා Read Previous

සූර්යාට ආදර Vacancy තියෙනවා

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා Read Next

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා

Realted Post

Leave a comment