සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැඳපු පවුලිස්

ලෝකයේ සෑම රටක ම ගුවන් නියමුවෙක්ට නියමිත ඇඳුමක් තියනව කියලා අපි කවුරුත් දන්නවනේ. ඒත් මේ කියන්න යන්නේ හරි අපූරු ගුවන් නියමුවෙක් ගැන.

සරම් ඇඳපු ගුවන් නියමුවෙක් ගැන ඔබ මීට කලින් අහල තිබුණ ද? ලෝකයේ පළමු සහ එකම සරම් ඇඳපු ගුවන් නියමුවෙක් ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. ඔහු නමින් පවුලිස් අප්පුහාමි. 1905 දෙසැම්බර් 21වැනි දින අත්තනගල්ලේ දී උපත ලද පවුලිස් අප්පුහාමි කියන්නේ බස් මුදලාලි කෙනෙක්. ඔහු නිතර ම ඇන්ඳේ සරම, කමිසය සහ කම්බාය. ඒ වගේමයි සපත්තු, සෙරෙප්පු දැම්මෙත් නැ. කොණ්ඩය සාමාන්‍යය ගැමියෙන් ආකාරයට පිටුපසට ගැටගසා තිබුණා. පවුලිස්ට ඉංග්‍රීසි පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නෑ. 

දවසක් මොහු රත්මලාන සිලෝන් එයා ඇකඩමියට ගිහින් තමන්ට ගුවන් නියමුවෙක් වෙන්න ඕනි කියල කියනවා. ඔහුගේ මේ ගැමි පෙනුම ගැන නොහිතන පුහුණුකරු තීරණය කරනවා මේ පිළිබඳ නිසි පුහුණුවක් ඔහුට ලබා දෙන්න. හැමෝම පුදුම කරමින් 1953 වසරේ දී පවුලිස් විසින් පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීමට සමත් වෙනවා. පසුව මගී ප්‍රවාහන යානා පැදවීමේ හැකියාවත් මොහු ලබාගෙන තියනවා.

ඉතින් පුදුමයට කරුණ වන්නේ, පවුලිස් හැමදාම ගුවනේ පියාසර කළෙත් මේ සරම, කමිසය ඇඳගෙන. ඒ නිසා තමයි සරම් ඇඳපු ලෝකයේ පළමු සහ එකම පුද්ගලයා විදිහට පවුලිස් අප්පුහාමි ඉතිහාසයට එක්වන්නේ.

උපුටාගැනීම - අන්තර්ජාලය ඇසුරිනි 
සටහන - සහශ්‍රිකා දයානන්ද

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Previous

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

ස්ට්‍රච්මාක්ස්  වලට තිත Read Next

ස්ට්‍රච්මාක්ස් වලට තිත

Realted Post

Leave a comment