සාම පා ගමනෙ මාග්ගෝ හිමි

නිරතුරු සිනහමුසු මුහුණින් සිටින පූජ්‍ය සම්මා මාග්ගෝ හිමි ප්‍රංශයේ පදිංචි 68 හැවිරිදි හිමි නමක්.

උන්වහන්සේ ශාරීරික තත්ත්වය නොතකා, 'සාමය සඳහා වූ පාගමන' (Walk for Peace) අතරතුර, සැතපුම් 1,200 කට වඩා වැඩි දුරක් පයින්ම ගමන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සාම පාගමනේද, ස්වාමින්වහන්ස පෙළපාලියේ අවසානම ස්වාමින්වහන්ස  ලෙස නිහතමානීව ගමන් කරන අයුරු දැක ගන්නට හැකිය. 

ඉතා සරල නමුත් ජීවිතය වෙනස් කරන ප්‍රඥාවක් මනාව අපට උගන්වන උන්වහන්සේ පා ගමන අතරතුර පන්සල්, පල්ලි, කෝවිල් වැනි සෑම ආගමික ස්ථානයකටම ගොස් ආශිර්වාද ලබා ගැනීම සහ එම ආගමික නායකයන් සමඟ සුහදතාවය වර්ධනය කර ගන්නා ආකාරය ගැන ලෝකයේ බෝහෝ දෙනා පැසසුමට ළක් කරමින් කතා කරති. 

මෙම පා ගමන මගින් සමාජයේ පවතින වෛරය සහ ක්‍රෝධය වෙනුවට දයාව සහ කරුණාව පැතිරවීමට උන්වහන්සේ උත්සාහ කරති. 

යක්ෂාව වේශය ළඟදීම තිරයට Read Previous

යක්ෂාව වේශය ළඟදීම තිරයට

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment